මුස්ලිම් නොවන පිරිසටත් ඔට්ටමාවඩි කොවිඩ් සොහොන විවෘතයි
කොවිඩ් ආසාදිත පුද්ගල මළ සිරුරු භූමදානය කිරීමට අවසර ලබාදීමේ ගැසට් පත්‍රය නිකුත් වීමෙන් පසු පෙරේදා (14) වන විට මළ සිරුරු 45 ක් ඔට්ටමාවඩි හි භූමදානය කර තිබෙන බව අධ්යක්ෂ (වෛද්‍ය තාක්ෂණික සේවා),කොවිඩ්-19 රෝග පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.
මෙම ස්ථානය වෙන්කරනු ලැබ තිබෙන්නේ ඉස්ලාම් ආගමිකයන්ගේ මෘතදේහ භූමදානය කිරීමට පමණක් නොවන බවත් බෞද්ධ,හින්දු හා කතෝලික ජනතාවටද කැමැත්ත අනුව කොවිඩ් දේහ මෙහි භූමදානය කළ හැකි බවත් ඒ මහතා කීය.
හැට හැවිරිදි කතෝලික කාන්තාවක් පෙරේදා (14) එම ස්ථානයේ භූමදානය කළ බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ඔට්ටමාවඩි හි මේවන විට කොවිඩ් ආසාදිත පිරිමි මළ සිරුරු 27 ක් හා කාන්තා මළ සිරුරු 18 ක් භූමදානය කර තිබෙන බවද හම්දානි මහතා පැවසුවේය.
මේවන විට භූමදානය කිරීමට අවශ්‍යය බව ප්‍රකාශ කරමින් ආදාහනය කිරීමට ඉඩනොදී රඳවාගෙන සිටි සියලු මළ සිරුරු භූමදානය කර අවසන් බවද ඒ මහතා කීය.
කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීමට සුදුසු දිවයිනේ වෙනත් ස්ථාන තිබේද යන්න පිළිබඳ සොයා බලන බවත් ඒ සම්බන්ධව ලැබෙන වාර්තා අධ්‍යන්‍යය කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.