මුල් පෙළේ ඉරාන න්‍යාෂ්ඨික විද්‍යාඥයා මරා දැමේ
Mohsen Fakhrizadeh මරා දැමුවේ ඊශ්‍රායල රාජ්‍ය ත්‍රස්තවාදය විසින් බව පවසමින් ඉරාන විදේශ ඇමතිවරයා ඝාතනය හෙළා දකියි.
නැගෙනහිර ටෙහෙරානයේ උප නාගරික කලාපයක් වන අබ්සාර්ද්හිදී, Mohsen Fakhrizadeh ගමන් ගත් රිය ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වූ අතර ලද තුවාල නිසා පසුව ශෝකජනක මරණයකට ලක් වූ බව ඉරාන විදේශ ඇමතිවරයා නිවේදනය කළේය.
සිද්ධියෙන් පැය කිහිපයකට පසුව ප්‍රාදේශීය බල අධිකාරීන් තහවුරු කළේ , martyr’s death මිය ගිය අතර ප්‍රහාරයට පැමිණි කිහිපදෙනෙකුද මරා දැමුණු බවයි.
මියයනවිට Fakhrizadeh ඉරාන ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණ සහ නවෝත්පාදන අංශයේ ප්‍රධානියාව සිටියේය. ඔහු ඝාතනය කිරීමට ඊශ්‍රායලයේ බරපතල සම්බන්ධයක් ඇතැයි ඉරාන විදේශ ඇමතිවරයා චෝදනා කළ නමුත් ඊට අදාල සාක්ෂි කිසිවක් ඉදිරිපත් නොකළේය.
කලකට ඉහත පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී Fakhrizadeh ගේ නම පවසමින් එය මතක තබා ගන්නැයි අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබුණද ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම ඊශ්‍රායලය විසින් එකහෙළා ප්‍රතික්ෂේප කර තිබුණි. පසුගිය දසවසර තිස්සේ ඉරානයේ න්‍යාෂ්ඨික ඉලක්ක වෙත බරපතල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව දිගින් දිගටම ඊශ්‍රායලය චූදිතයාව තිබුණි.
ඝාතනයට ලක් වූ විද්‍යාඥයා ගමන් ගත් නිසාන් සෙඩෑන් වර්ගයේ මෝටර් රථයේ වෙඩිපහරවලින් සෑදුනු සිදුරු හා මාර්ගයේ රුධිරය ගලා ගොස් තිබූ ආකාරය ඔන්ලයින් ඡායාරූපවල දක්නට ලැබුණි. සිද්ධිය ඇසින් දුටුවන් ෆාර් පුවත් ඒජන්සියට පවසා තිබුණේ මුලින් පිපිරුමක් ඇසී පසුව මැෂින් තුවක්කු ප්‍රහාරයක හඬ ඇසුනු බවයි. ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණේ ඔහු ගමන් ගත් රථයයි. ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින Mohsen Fakhrizadeh ආරක්ෂකයන් ප්‍රාදේශිය රෝහලකට ඇතුළත් කර ඇත.
මේ දක්වා කිසිම කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නැත. දැනගැනීමට ලැබෙන පරිදි ප්‍රහාරයට සිව් දෙනෙකුගේ පමණ කණ්ඩායමක් සහභාගි වී ඇත. අඩුම තරමේ තුන් හතර දෙනෙකුවත් සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් ව ඇති බවද වාර්තා වේ.
ලසන්ත ද සිල්වා