මුලතිව් වනයේ අතරමං වූ වෛද්‍ය සිසුන් මුදා ගනී
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන වෛද්‍ය සිසුන් පිරිසක් මුලතිව් මුත්තියන්කඩ්ඩු රක්ෂිතයේ ගවේෂණයකට ගොස් අතරමංව සිටියදී අද (16) උදෑසන සොයාගත් බවට ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි. මුත්තියන්කඩ්ඩු රක්ෂිතයේ මෙසේ අතරමංව සිටියේ වෛද්‍ය සිසුන් 09 දෙනෙකු වන අතර ඔවුන් ඊයේ (15) දින රක්ෂිතයට ඇතුළු වී ඇත්තේ කිසියම් ගවේෂණාත්මක වැඩසටහනක් වෙනුවෙනි.
වැඩසටහන අවසන් වී නැවත රක්ෂිතයෙන් පිටත් වීමට උත්සාහ ගත් විට එය අසාර්ථක වීමෙන් පසු තමන් අතරමංව සිටින බවට හැඟීමත් සමග සිසු පිරිස පොලීසියෙන් හා ඥාතීන්ගෙන් උදව් ඉල්ලා ඇත.
අනතුරුව ප්‍රදේශවාසීන් හා යුද හමුදාවේ 64 බලසේනාවේ සෙබලුන් පිරිසකගේද සහායෙන් රාත්‍රීයේම මුත්තියන්කඩ්ඩු රක්ෂිතයට ඇතුළු වූ පොලීසිය අද අලුයම වන විට අතරමංව සිටි සිසුන් පිරිස සොයාගැනීමට ක්‍රියා කළේය.
පොලීසිය හා සෙසු පිරිස විසින් සොයාගන්නා විටත් යහපත් සෞඛ්‍ය තත්වයේ සිටි අතරමං වූ සිසුන් අද දිනයේ ඔවුන්ගේ ඥාතීන් වෙතට භාර දීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කල ඔඩ්ඩුසුඩාන් පොලීසිය වැඩි දුරටත් පැවසීය.