මුතුරාජවෙල අභය භූමිය ගැසට් කරලා අවුරුදු 15 තවම මායිම් නැහැ
1996 අංක 947/13 ගැසට් පත්‍රයෙන් මුතුරාජවෙල අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද මේ තාක් එහි මායිම් සළකුණු කර නොමැති බව රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය. මුතුරාජවෙල පරිසර පද්ධතිය හෙක්ටයාර 2569ක් ලෙස මධ්‍යම පරිසර අධිකාරියෙන් හඳුනා ගෙන ඇති නමුත් විමතියට කරුණ වන්නේ අභය භූමිය ලෙස ප්‍රකාශයට පත්ව ඇත්තේ හෙක්ටයාර 1285ක් පමණක් වීමයි. 1990 ඔක්තොම්බර් 15 වන දින ලංකාව අන්තර්ජාතික රැම්සා සම්මුතියට එකඟ ව ඇති අතර එමඟින් මුතුරාජවෙල රැම්සා තෙත් බිමක් ලෙස පිළිගෙන ඇත. කෙසේ වෙතත් හෙක්ටයාර 6000 ඉක්මවන මුතුරාජවෙල සමස්ත භූමි සීමාව හඳුනාගෙන ඒ තුළ ඇති පුද්ගලික හා රජයේ ඉඩම් වෙන් වෙන් ව හඳුනා ගැනීමටද වග කිව යුතු ආයතන මේ දක්වා අසමත් ව තිබේ.
මුතුරාජවෙල තෙත් බිම් ගොඩ කිරීම සම්බන්ධව පැමිණිළි රාශියක් මධ්‍යම පරිසර අධිකාරියට, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට, නාගරික සංවර්ධන අධිකාරියට සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ලැබී තිබුණ ද ඒවා බොහෝමයක් සම්බන්ධව නිසි විමර්ශන සිදුව නැත.
මුතුරාජවෙල ආරක්ෂාව සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටද රජයේ ගිණුම් කාරක සභාවේදී තීන්දු වී තිබේ.
