මීට පස්සෙ හෝර්ටන් තැන්නට හවස 2න් පස්සෙ ටිකට් නෑ.

 මීට පස්සෙ හෝර්ටන් තැන්නට හවස 2න් පස්සෙ ටිකට්  නෑ.

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹිම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට පිවිසිමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම දිනපතා පස්වරු 2 න් පසු අත්හිටුවීමට තිරණයක් ගෙන ඇති බව හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පි.කේ.එම්.පි. ප්‍රදිප් කුමාර මහතා පැවසිය.
ලෝකාන්තය, බේකර්ස් ඇල්ල ඇතුළු හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ සුන්දරත්වය නැරඹිම සදහා සංචාරකයින්ට කිලෝමිටර 8ක් දුර පාගමනින් යා යුතු බවත්, ඒ සඳහා අවම වශයෙන් පැය හතරක පමණ කාලයක් ගත වන බැවින් පස්වරු 2 න් පසු ප්‍රවේශපත්‍ර නිකුත් කළ හොත් පස්වරු 6 න් පසු සංචාරකයන්ට වනෝද්‍යානයේන් ඉවතට ඒමට නොහැකි නිසා මෙම තීරණය ගත් බවයි ප්‍රදිප් කුමාර මහතා කියා සිටියේ.

හෝර්ටන් තැන්න දිවයිනේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි


පස්වරු 2 න් පසු හොර්ටන්තැන්නේ ලෝකාන්තය සහ බේකර්ස් ඇල්ල යන ස්වභාවික ස්ථාන නැරඹිමට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බවත්, හොර්ටන්තැන්න නැරඹිමට සහ හොර්ටන්තැන්නේ සුන්දරත්වය නිදහසේ නැරඹිමට උදැසනම හොර්ටන්තැන්නට පැමිණෙන ලෙසයි ප්‍රදිප් කුමාර මහතා සංචාරකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.
හොර්ටන්තැන්නේ වෙසෙන ගෝනුන්, දිවියන් ඇතුළු හෝර්ටන්තැන්නට ආවේණික වු සතුන්ට නිදහසේ සැරිසැරිමට අවකාශ ලබා දිම සදහා සවස 6න් පසු හොර්ටන්තැන්නට ඇතුල්විමට කිසිවෙකුටත් අවසර ලබා නොදෙන බව ප්‍රදිප් කුමාර මහතා වැඩි දුරටත් කීය

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *