මියන්මාර සමාජ මාධ්‍ය වාරණය ඉවත් කරන මෙන් ෆේස්බුක් ඉල්ලයි
(රොයිටර්ස්) සමාජ මාධ්‍ය සමාගමක් වන ෆේස්බුක් හී ප්‍රකාශකයෙකු අද පැවසුවේ, මියන්මාරයේ හමුදා රජය අන්තර්ජාල ප්‍රවේශය අවහිර කිරීම පිළිබඳ දැඩි උනන්දුවකින් යුක්තව සළකා බලන අතර සමාජ මාධ්‍ය ප්‍රවේශයට අවස්ථාව සළසා දෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවයි.
මියන්මාරයේ නව මිලිටරි ජුන්ටාවේ නියෝගය අනුව පසුගිය දින කිහිපය පුරා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කොට තිබූ අතර සෙනසුරාදා මුලුමනින්ම අන්තර්ජාල ප්‍රවේශය වළක්වා තිබුණි.
ෆේස්බුක් හී මහජන ප්‍රතිපත්ති අධ්‍යක්ෂ රෆායල් ෆ්‍රැන්කල් පැවසුවේ “මියන්මාරය අන්තර්ජාලය අවහිර කිරීම ගැන අපි ඉතාම සැළකිලිමත් වෙනවා. අපි දැඩි වුවමනාවෙන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා ජනතාවට සමාජ මාධ්‍ය භාවිතා කරන්න ඉඩ දෙන්න කියලා” යනුවෙනි.
අන්තර්ජාලය අවහිර කිරීම සමග ආණ්ඩුවට එරෙහි උද්ඝෝසන දැඩි වේ.
අද (06) සෙනසුරාදා මියන්මාරයේ ප්‍රධාන නගරවල වීදිවලට රැස් වූ ජනයා සිය විරෝධය පළ කරමින් උද්ඝෝසනය කළේ මහජන ඡන්දයෙන් පත් වූ නායිකා අවුන් සාන් සුකී ඇතුළු පිරිස නිදහස් කරන මෙන් ඉල්ලමින් සහ අන්තර්ජාලය අවහිර කිරීමට විරෝධය පළ කරමිනි. රටේ විශාලතම සහ වාණිජ නගරය වෙත එක් වූ නැග එන කෝපයෙන් යුක්ත විරෝධතාකරුවෝ “මිලිටරි ඒකාධිපතියා අසමත් අසමත්, ප්‍රජාතන්ත්‍රවාදයට ජය ජය” යනුවෙන් මුර ගෑහ. අසළ සිටියවුන් විරෝධතාකරුවන්ට ආහාර සහ ජලය පිළි ගන්වන ලදී.
හමුදා ජෙනරාල්වරුන් විස්මයට පත් කළ සහ පසුව ඔවුන් විසින් දූෂිත යැයි හංවඩු ගසන ලද, මියන්මාරය දෙදරවමින් නොවැම්බර් 08 මැතිවරණයෙන් ජය ගත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික ලීගයේ වර්ණය වන රතු පැහැයෙන් යුක්ත ඇඳුම් වැඩිමනත් විරෝධතාකරුවෝ හැඳ සිටියහ.
දහසක් දෙනා යැන්ගුන් නගර ශාලාවට ගමන් ගත්හ. රියැදුරෝ සිය වාහනවල නළා හඬවමින් උද්ඝෝසකයන්ට ප්‍රතිචාර ලෙස ඇඟිලි තුනක අභිනයෙන් ආචාර කළහ. ඇතමෙක් සු කී ගේ ඡායාරූප හෝ පක්ෂයේ ධජ රැගෙන අත්පුඩි ගසමින් නැටූහ.
සන්ධ්‍යාව වනවිට උද්ඝෝසකයෝ වැඩි දෙනෙක් විසිර ගියහ. නමුත් පස්වන රාත්‍රියටත් නගරයේ බොහෝ දිස්ත්‍රික්කවලට විදුලිය විසන්ධි කිරීම බලපා තිබියදී ජනයා තම නිවෙස්වල ඇති හැළිවලං සහ බෙර ආදියට තට්ටු කරමින් විරෝධ ඝෝසා නැංවූහ.
සු කී නිදහස් කරන මෙන් ඉල්ලමින් සහ කුමන්ත්‍රණ විරෝධි පාඨ හඬ නගමින් එරට රජයේ සේවකයන්ගේ නිවහනද වන පැවති මිලිටරි ආණ්ඩුව ගොඩ නැගූ අගනුවර නයිපයැදෙව් සහ දෙවන විශාලතම නගරය වන මණ්ඩලේ වෙත රැස් වූ දහස් ගණනක් ජනයාද උද්ඝෝසනය කළහ.