මියන්මාර මිලිටරි සබඳතා නිසා ඉන්දීය අදානි සමාගම ඩව් ජෝන්ස් දර්ශකවලින් ඉවතට

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් ප්‍රකාශයට පත් කෙරුණු ආන්දෝලනාත්මක අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප සමාගම සිය තිරසාර දර්ශකයෙන් ඉවත් කළ බව එස් ඇන්ඩ් පී ඩව් ජෝන්ස් දර්ශකය පවසයි. ඔවුන් උපුටා දක්වමින් රොයිටර් වාර්තා කරන්නේ මියන්මාර මිලිටරි රෙජීමය සමග පවතින ව්‍යාපාර සබඳතා මෙම තීන්දුව ගැනීමට බලපා ඇති බවයි.
ඉන්දියාවේ විශාලතම පුද්ගලික බහු වරාය මෙහෙයුම් කරුවා වන අදානි සමාගම මේ වනවිට මිලිටරි රෙජීමයේ සහාය ලබන මියන්මාර ආර්ථික සංස්ථාව බදු දුන් යැංගුනයේ ඉඩමක වරායක් ඉදි කරමින් සිටියි. ඒ සඳහා වැය කිරීමට නියමිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 290කි.
අඟහරුවාදා නිකුත් කරන ලද නිවේදනයකින් වඩ් ජෝන්ස් ප්‍රකාශ කළේ අද අප්‍රේල් 15 වනදා සිට අදානි සමාගම තම දර්ශකයෙන් නෙරපා හරින බවයි.
ශ්‍රී ලංකා රජය කොළඹ වරායේ ඉතා වැදගත් මෙහෙයුම් අංශයක් වන නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට පවරා දෙන්නට ගත් උත්සාහය වරාය සේවක විරෝධය නිසා යටපත් විය.