මිනුවන්ගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය පී.සී.ආර් ඉල්ලති

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන රෝහලක් ලෙස සංවර්ධනය කෙරෙන මිනුවන්ගොඩ රෝහලේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කිරීමක නිරත ව සිටි නාවික භටයන් පිරිසකට රෝගය වැළඳී ඇතැයි වාර්තා වී තිබෙන පසුබිමක ඔවුන් සමග සමීපව කටයුතු කළ හෙද හෙදියන් හා රෝහල් කාර්ය මණ්ඩලයේ ඇතමුන් භීතියට පත්ව තිබේ. ඒ තමන්ටද වෛරසය ආසාදනය වී ඇතිද යන්න පිළිබඳවයි. මේ වනවිට ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ආසාදිතයන් සමග ගැටුනු පිරිස් හදුනාගෙන ඔවුන් විද්‍යානුකූල ක‍්‍රමවේදයකට අනුව වර්ගීකරණය කර ඇත.
එහිදී අවදානම් කාණ්ඩයට අයත් බවට හදුනාගත් පිරිසට PCR පරීක්ෂණ සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇත. පසුව කිසියම් බලපෑමක් මත එම PCR පරීක්ෂණ සිදුකිරීම නවතා දමා ඇත. නමුත් රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි ඉල්ලීම මත පසුගියදා (2020. 04. 27) රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ සහ තවත් රෝහල් සේවකයින් කිහිප දෙනෙකුගේ පමණක් PCR පරීක්ෂණ සිදු කර ඇත. මේ පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව සෙසු කාර්ය මණ්ඩලය පවසා සිටී.
එබැවින් ඔවුන් වෙනුවෙන් සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී මැදිවත්ත බලධාරීන්ගෙන් ඉල්ලා සිට්න්නේ නියමිත පරීක්ෂාවන්ට සියලු කාර්ය මණ්ඩලය ලක් කොට බිය සැක නොමැතිව සේවය කිරීමේ පරිසරය ඇති කරන ලෙසයි.