මිනී පුච්චන්නත් පුලුවන්. නිරෝධායන නීතිය ගැන ඇත්ත මෙන්න.

ඇඳිරි නීතිය දාපු විදිහ පැහැදිලි නැහැ – නීතීඥ ජගත් ලියනාරච්චි

නිරෝධායනය යනු මේ දිනවල වැඩිපුර අසන්නට ලැබෙන වචනයක්. කොරෝනා වසංගත ව්‍යාප්තිය සමගයි ඒ. නිරෝධායනය ක්‍රියාත්මක වන්නේ කිනම් නෛතික පසුබිමක් තුළද යන්න මෙම සංවාදය තුළ පැහැදිලි කරන්නේ සමාජ ක්‍රියාකාරිකයෙකුද වන නීතීඥ ජගත් ලියනාරච්චි.
01. නිරෝධායන නීතිය යනු කුමක්ද?
නිරෝධායනය යනුවෙන් අප හදුන්වන්නේ quarantine යන ඉංග්‍රිසි වචනයේ සිංහල තේරුමයි. quarantine යන්නට කේම්බ්‍රිජ් ශබ්ද කෝෂයේ ලබාදී ඇති අර්ථය වන්නේ රෝගයක් ඇතිවිය හැකි සතෙකු හෝ පුද්ගලයකු රෝගය පැතිරවීමට නොහැකි වන පරිදී වෙනත් පුද්ගලයන් ගෙන් ඈත්කර තබන කාල සීමාවක් යනුවෙනි. ඒ් අනුව එසේ රෝග බෝවීමෙන් වැළැක්වීම සඳහා පුද්ගලයකු හෝ සතෙකු වෙන්කර තැබීමට අදාල නීති නිරෝධායන නීති ලෙස හැඳින්විය හැකිය.
02. එම නීතිය බලගැන්වෙන්නෙ කිසියමි පනතකින්ද? ඒ පනතට අදාල ඉතිහාසය කුමක්ද?
මේ සඳහා මූලිකව අදාල වන්නේ 222 වන අධිකාරිය වන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතයි. (Quarantine and Prevention of Diseases Ordinance) මෙම පනත හඳුන්වා දෙන ලද්දේ 1897 පෙබරවාරි මස 9 වනදාය. ඉන් පසුව මෙම පනත 1971 අංක 7, 1919 අංක 14 , 1920 අංක 14, 1936 අංක13, 1939 අංක 11, 1941 අංක 5, 1943 අංක 38 හා 1952 අංක 12 දරන සංශෝධන පනත මගින් තවදුරටත් සංශෝධනය වී ඇත. පසුව 2005 අංක 12 දරන දඩ වැඩිකිරීමේ පනත මගින්ද මෙම පනතේ 5 වන වගන්තිය සංශෝධනය කර තිබේ.
03. මේ පනතේ විධිවිධාන ප්‍රකාරව නිරෝධායනයට ලක් කළ හැක්කේ මොන වගේ උදවියද?
නිරෝධායනයට ලක්කළ හැකි පුද්ලයන් සම්බන්ධව දැක්වෙන්නේ පනත තුල නොව පනතේ 2වන වගන්තිය යටතේ ගැසට් කර ඇති නිරෝග මගින්. ඒ් අනුව නිරෝධායනීය රෝගයක් ලෙස හදුනාගත් රෝගයක් අන්අයට බෝවීම වැළැක්වීම සඳහා යම් පුද්ගලයන්ව නිරෝධායනය කල හැකියි. කොවිඩ්-19 රෝගයද නිරෝධායනීය රෝගයක් ලෙස 2020 මාර්තු 20 දින අංක 2167/17 දරණ ගැසට් පත්රය මගින් සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් නිරෝග කර තිබේ. ඒ් අනුව නිසි බලධාරී විසින් තීරණය කරන පුද්ගලයන්ව නිරෝධායනය කල හැකියි
04. පනතේ සඳහන් නියෝග කඩකළහොත් පනවන දඬුවම් කවරේද?
2005 අංක 12 දරන දඩ වැඩිකිරීමේ පනත මගින් නිරෝධායන පනතේ 5 වන වගන්තිය සංශෝධනය වූ අතර ඒ අනුව පනත යටතේ වන නියෝග කඩ කිරීමක් සම්බන්ධයෙන් දඩුවම වන්නේ රුපියල් දස දහසකට නො අඩු දඩයක් සහ සය මසකට නොඅඩු සිරදඩුමකට හෝ එම දඩුවම් දෙකටම යටත් කල හැකිය.
05. කිසියම් තැනැත්තෙකුට පුලුවන්ද මේ නිරෝධායන පනත හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩ වුණා කියල අධිකරණයට යන්න?
පනත මගින් මූලික අයිතිවාසිකමක් කඩවූයේ යැයි නඩු පැවරීමේ හැකියාවක් නෑ. මූලික අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳව නඩු පැවරිය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන්වන මූලික අයිතිවාසිකමක් විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් උල්ලංඝනය වීමකදි හෝ උල්ලංඝනය වීමට අත්‍යාසන්න අවස්ථාවකදීය. ඒබැවින් නිරෝධායන කටයුත්තකදී යම් නිළධාරියකු ගේ ක්‍රියාවක් මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන්නේ නම් ඒවැනි අවස්ථාවකදී නඩු පැවරිය හැකියි.
06. මේ දවස්වල වැඩිපුර කතාබහට ලක්වන කොරෝනා ආසාධිතයන් ආදාහනය කිරීමත් පනතට අනුකූල කරුණක්ද?
රෝගයකින් මියගිය පුද්ගලයන් ගේ සිරුරු සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව 1925 අගෝස්තු මස 28 වන දින, අංක 7481 දරන ගැසට් පත්රය මගින් පළකරන ලද ධාන්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් වන නිරෝධායන නියෝග හා ඇන්චිලොස්ටොමියාසිස් සම්බන්ධයෙන් වන නියෝග (Quarantine Regulations: Regulations Relating to the Storage of Grain, and regulations relating to Anchylostomiasis)යන්හි 60 වන නියෝගයේ සඳහන් වනවා. එයට සංශෝධනයක් එක් කරමින් 2020 අප්‍රේල් 11 වන දින අංක 2170/8 දරන අතිවිශේෂ ගැසට් පත්රය මගින් ඉහත නියෝගය සංශෝධනය කරමින් නීතිමය ප්‍රතිපාදන සලසා ඇත. ඒ අනුව,
කොවිඩ් 19- නිසා මිය ගොස් ඇති හෝ මිය ගොස් ඇති බවට සැක කරනු ලබන යම් තැනැත්තකුගේ මෘත දේහය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන විධානවලට අනුකූලව –
අ- යම් විභව්‍ය ජෛව විද්‍යාත්මක උවදුරක් වැළැක්වීමේ කාර්යය සඳහා සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි හතලිස් පහක සිට පැයක කාලයක් සඳහා සම්පූර්ණයෙන් දැවී යන තෙක් සහ
ආ- නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක ඒ බලධරයාගේ අධීක්ෂණය යටතේ අදාහනය කල යුතුය
එයට අමතරව පිළිපැදිය යුතු ආරක්ෂිත ක්‍රමවේදයන් සහ සීමාවන් පිළිබඳවද එහි දක්වා ඇත.
07. මේ පනත ක්‍රියාත්මක කිරීමට අදාල පූර්ව අත්දැකීම් ලංකාවට තියෙනවාද?
ඔව් පනත නීතිගත කල 1897න් පසුව ශ්‍රී ලංකාව වසංගත රෝග කිහිපයකටම මුහුණු දී ඇති අතර එම අවස්ථාවන්හිදී මෙම පනත යටතේ පනවන ලද නියෝග බෙහෙවින් ක්‍රියාකාරී වන්නට ඇත. මා පෞද්ගලිකව එම කරුණු නොදනී. එසේම මැලේරියා වසංගතයට මහාමාරියට කොළරාවට මුහුණදී ඇත්තේ මෙම පනත යටතේ පනවා ඇති රෙගුලාසි තුලින් බව රෙගුලාසි කියවිමේදී පැහැදිලි වේ – එසේම මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත 2007 අංක 17- පනවන තෙක්ම මදුරුවන්ගෙන් බෝවෙන රෝග පාලනය කර ඇත්තේ මෙම පනත යටතේ පනවන ලද නියෝග මගිනි. මෙම පනත යටතේ පනවා ඇති නියෝග අදාල වන්නේ රටේ වසංගත තත්වයක් උද්ගත වූ විටෙක පමණක් නොවේ. සාමාන්‍ය තත්වයකදීද රෝග බෝවීම වැළැක්වීම සඳහා මෙම නියෝග ප්‍රයෝජනවත් වේ.
08. දැනට පනවා ඇති ඇඳිරිනීතියත් මේ පනතේ විධිවිධාන ප්‍රකාරව පනවා ඇතිද?
දැනට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය පැනවීමට අදාල නීතිමය ප්‍රතිපාදන කිසිවක් මට හමුවී නැත. එසේම 2020 මාර්තු 20 වන දින අංක 2167/17 දරන ගැසට් පත්‍රයේ සඳහන් නිවේදනයේ 1960 මැයි 6 වනදින හා අංක 12,125 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද 1960 නිරෝධායන නියෝග යනුවෙන් සදහන් වී තිබුණද එකී නියෝග ද සොයා ගැනීමට නොහැකි විය.
ලසන්ත ද සිල්වා
2 Comments
හිතවත් නිතිඥ්‍ය මහතානෙනි,
පැහැදිලි කිරිම පිලිබද දැන්වත් උනෙමි.මේ ගැන පැහැදිලි කිරිම පිලිබද ස්තුතිවන්ත වෙමි,මෙ ගැන පහත සදහන් කරුනු සදහා තව දුරටත් කරුණු පැහැදිලි කර දෙන්නෙ නම් ස්තුතිවන්ත වෙමි.
1.නිරොදායනය සදහා සමස්ථ රටේහිම හෝ තොරා ගත් ප්‍රදේශ සදහා කොටස් වශයෙන් හෝ සමස්ථ ලෙස ඇදිරි නිතිය පැනවිය හැකිද
හැකිද
2.නිරෝධායන නිතිය යටතේ පනවා ඈති ඇදිරි නිතිය කඩ කල අය අතඅත්අඩංගුවට ගත හැකිද
එය ක්‍රියාත්මක වන්නෙ කවර නිතියක කවර වගන්තියක් යටතේද
3.දැනට පනවා ඇති නිරෝධායන නිතිය සහ ක්‍රියාත්මක වන ඇදිරි නිතිය ක්‍රියාත්මක වන්නෙ එක නිතියක් ලෙසද නොඑසේ නම් නිතින් දෙකක්ද, නෝඑසේ නම් දැනට පනවා ඇති ඇමතිතුමිය විසින් නිකුත් කරන ලද අති විශේය ගැසට් පත්‍රයේ අනුවද
4.මෙසේ ඇදිරි නිතිය කඩකරන්නන් විසින් භාවිතා කරන වාහන අත්අඩංගුවට ගත හැකිද?අත්අඩංගුවට ගත් වාහන අධිකරණය නියොගයකින් තොරව නිරෝදායනය නිතිය අනුව රදවා ගත හැකිද?එසේම විද්‍යුත්මාධය මගින් දැනගත් පරිදි එම වාහන නිරොදායනය කටයුතු සදහා වාහන හිමියාගේ හෝ වාහනයේ පරම අයිතිකරුගේ කැමැත්තකින් තොරව යොදාගත හැකිද? මෙම ක්‍රියාවලිය සම්බන්දයෙන් මානව හිමිකම් යටතේ නඩු පැවරිය නොහැකිනම් වාහන අත්අඩංගුවට ගැනිම හා රදවා තබා ගැනිම හා නිරෝධායන කටයුතු සදහා ක්‍රියාකල හැකි නිතිය කුමක්ද?
1දැනට පවතින නිරෝධායන නියෝග අනුව යම් ප්‍රදේශයක් හුුුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යා යුතුයැයි තීරණය කිරීමේ බලය නිසි බලධාරියාට ඇත -ඒවැනි නම්කල ප්‍රදේශයකිට ඇතුලුවීම හෝ ඉන් පිටවීම නිසි බලධාරියාගේ අවසර මත පමණක් සිදුකල යුතුය -ඒය ඇදිරි නීතිය නොවේ
2- දැනට ක්‍රියාත්මක වන වා යැයි පවසන පොලිස් ඇදිරි නීතිය පිලිබදව නීතිමය ප්‍රතිපාදන මට සොයාගත නොහැකි වූ බව මෙම ලිපියේද සදහන් කර ඇත – ඒබැවින් පොලිස් ඇදිරි නීතිය පැනවීම පිලිබදව නීතිමය ප්‍රතිපාදන පිලිබදව අපැහැදිලි නිසා ඒය කඩකිරීමේ ප්‍රතිපාදන පිලිබදව යමක් කිව නොහැක- නමුත් ව්‍යවසන තත්වයක් පවතින බැවින් ගෙදරට වී සිටීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම පුද්ගලිකව හා සමාජමය වගකීමක් ලෙස මා දකිමි
3-ඉහත පිලිතුර මගින් ඔබගේ 3වන ප්‍රශ්නයට පිලිතුරු ඇත- සෟඛ්‍ය අමාත්‍ය තුමිය මෑතකදී පනවන ලද නිරෝධායන නියෝග මගින් ඇදිරිනීතිය පැවනවීමක් හෝ ඒ් පිලිබදව නීතිමය ප්‍රතිපාදන සැලසීමක් සිදුකර නොමැත
4- මෙම ප්‍රශ්නයට අදාල පිලිතුරේ කොටසක් ඉහත ප්‍රශ්නවලට පිලිතුරු ලෙස ලබාදී ඇත- පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා වාහන නඩු භාණ්ඩ ලෙස සලකනු ලැබේ- නඩු භාණ්ඩ පිලිබදව තීරණය කිරීමේ අයිතිය ඇත්තේ අදාල අධිකරණයටයි- අධිකරණයේ අවසරයකින් තොරව නඩු භණ්ඩ භාවිතා කිරීම වරදක් ලෙස මා දකිමි – ඒවැනි භාවිතාවක් තුලින් යම් හානියක් වන පුද්ගලයන්ට මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමේ හැකියාව ඇත- නැත හොත් මානව හිමිකම් කොමිෂන් සභාවේ 1996 ක්ෂණික ඇමතුම මගින් පැමිණිල්ලක් කිරීමේ හැකියාව ඇත