මිනිස් ජාවාරමක ගොදුරු, ඉන්දීය කම්කරු ජීවිත අනතුරේ; වීඩියෝ සහිතයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන මිනිස් ජාවාරමක ගොදුරු බවට පත්ව ඇති කම්කරුවන් 15 දෙනෙක් සිය ජීිවිත අවධානමට පත්ව ඇති හෙයින් තමන් යළි ඉන්දියාවට පිටත් කර හරින්නැයි අයැද සිටිති. අප වෙබ් අඩවියට තොරතුරු වාර්තා කරන ඉන්දීය වාර්තාකරුවාට අනුව මේ කම්කරුවන් 15 දෙනාම ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ පදිංචි කරුවන්ය. අතරමැදියෙකු මාර්ගයෙන් ඔවුන් ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දීය රුපියල් 60000ක මාසික වැටුපක් ගෙවන බව පැවසූ පසුව නමුත් ගෙවන්නේ ඉන්දීය රුපියල් 30000ක වැටුපක් බවත් ඉතිරි මුදල් අතරමැදියා ලබාගන්නා බවත් දැනගන්නට ලැබේ. දිනකට පැය 15 බැගින් වැඩකිරීමට සිදුවන අතර දිනපතා බත් සහ පරිප්පු පමණක් ආහාරයට ලබා දෙන බවත් කම්කරුවෝ පවසති. මේ මනුෂ්‍යත්වයට එරෙහි සැළකුම් නිසා තමන්ට ඉන්දියාවට යෑම සඳහා අවශ්‍ය යැයි ඉල්ලා සිටීම නිසා එසේ යෑමට අවශ්‍ය නම් මුල් මාසය සඳහා ගෙවූ ලංකා රුපියල් ලක්ෂ දෙකක මුදල නැවත ගෙවන මෙන් වැඩබිම් කළමනාකරු පවසන බවද කම්කරුවෝ පවසති. පිරිස අතර සිටින ඇතැමි කම්කරුවන් දින දෙකක සිට ආහාර වර්ජනය කර සිටින බවද ඉන්දීය මාධ්‍යවේදියාගේ සම්බන්ධීකරණය මගින් අප හා දුරකථනයෙන් කතා කළ කම්කරුවා පැවසීය. ඔවුන් හින්දි බස කතා කරන හා ඉංග්‍රිසී බස අල්ප භාෂිත බැවින් වැඩිමනත් තොරතුරු පැවසීමට හෝ සේවා වීසා ලබාගෙන ඇති දැයි පැවසීම අසීරුය. මේ කම්කරුවන් සේවයේ යොදවා ඇත්තේ IMTP නමැති කොන්ත්‍රාත් සමාගමකින් බවත් ඔවුන් නවලෝක ඉදිකිරීම් සමාගම යටතේ වැඩකරන බවත් අප වෙත තොරතුරු වාර්තා කළ ඉන්දීයාවේ ඔඩිස්සා හී කනාක් පුවත් සේවයේ මාධ්‍යවේදීයා පැවසූ අතර දුරකථනයෙන් සම්බන්ධ වූ කම්කරුවන්ද තහවුරු කරන ලදී. ඒ අතර මාධ්‍ය වෙත තොරතුරු මුදා හැරීම නිසා උරණ වූ පාලකයින් මේ වනවිට කම්කරුවන්ට තර්ජනය කරන බව වාර්තා වේ.
Victims of human trafficking; Indian workers’ lives in danger
Fifteen workers who have been victims of human trafficking between India and Sri Lanka have to urge to return to India as their lives are at danger. According to an Indian reporter who reports to our website, all 15 workers are residents of Odessa.
It is reported that they had come to Sri Lanka through an intermediary and even though they were said to be paying a monthly salary of Indian Rs. 60,000 currently they were paying only 30000 and the remaining money is obtained by the intermediary. Workers say they have to work 15 hours a day and are fed only rice and dhal daily.
Because of these anti-humanitarian concerns, they wanted to return to India. And if they want to do so, the site manager is demanding a refund of Sri Lankan Rs. 200,000 for the first month that they were paid.
The worker, who spoke to us over the phone by the coordination of the Indian journalist revealed to us; some workers in the group have been boycotting food for two days. Since they speak Hindi and not very good at communicating in English, it is difficult to tell more information or to say whether a working visa has been obtained.
According to a journalist from India’s Odessa, Kanak and the Workers on the phone were also confirmed, that they are employed by a contractor called IMTP under Nawaloka Construction Company.
Meanwhile, it is reported that the administration has become a threat to the workers due to the release of information to the media.
කම්කරුවන්ගේ දුක්ගැනවිල්ල සහිත වීඩියෝව නරඹන්න
ලසන්ත ද සිල්වා