මැදපෙරදිග ගිනියම් වෙයි

.
ඉරානය සහ ඇමරිකාව අතර වර්ධනය වෙමින් පවතින උණුසුම් තත්ත්වය නිසා මැදපෙරදිග නොසන්සුන් වෙයි. අද උදෑසන ඉරානය ඇමරිකානු භට පිරිස් රැඳී සිටින ඉරාකයෙ හමුදා මධ්‍යස්ථාන ද්විත්වයකට රොකට් ප්‍රහාර එල්ල කිරීම නිසා අර්බුදය උත්සන්න වී ඇත.
අන්බාර් පළාතේ පිහිටි සිය අයින් අල් අසාද් කඳවුරට සහ අර්බිල් හී පිහිටි කඳවුරට ඉරාන රොකට් ප්‍රහාර ගණනාවක් එල්ල වූ බව පෙන්ටගනයද තහවුරු කර තිබේ.
ඇමරිකාව තවමත් ප්‍රතිප්‍රහාර එල්ල කර නොමැති පසුබිමක රාජ්‍යතාන්ත්‍රිකව ගැටලුව විසඳා ගන්නා මෙන් දෙපාර්ශවය වෙත ආයාචනා කරමින් ජපානය ඉල්ලා සිටී. කලාපයෙහි යුධමය තත්ත්වයක් වර්ධනය වුවහොත් පෙට්‍රෝලියම් ඉන්ධන මිළ ඉහළ යාමට හේතු විය හැකි බවටද අනාවැකි පලව තිබෙන පසුබිමක ඇතැම් රටවල් ඉරාකයේ වෙසෙන සිය පුරවැසියන්ට ඉවත් වන මෙන් නිවේදනය කර තිබේ.
සියල්ල සිදුවන්නේ හොඳට බවත් හෙට උදෑසන තමන් ජාතිය අමතන බවත් සඳහන් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවිඩයක් මේ වනවිට සංසරණය වේ. ඉරාන විදේශ කටයුතු ඇමති ජාවෙඩ් සරීෆ් ප්‍රකාශ කළේ තමන් යුද්ධයක් නොඉල්ලන බවත් සිය පුරවැසියන්ගේ ආරක්ෂාව උදෙසා පියවර ගන්නා බවත් ය. නමුත් ඉරාන හමුදා ප්‍රධානියෙකු රූපවාහිනියෙන් ප්‍රකාශ කර තිබුණේ මෙය ප්‍රහාරයක මුල් පියවර බවයි.