මැතිවරණ හා ඡන්ද විමසීම් හා අදාල නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා මහජන අදහස් කැඳවීම ලබන 19 වැනිදා අවසන් වේ.
මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා යෝජනා ලබන ජුනි මස 19 වැනි දින හෝ ඊට පෙර ලිඛිතව දන්වා එවන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඒ අනුව, එම කාරක සභාවට යෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මහජනතාවට සහ ඒ පිළිබඳව
උනන්දුවක් දක්වන සංවිධාන වලට එකී අදහස් ලිඛිතව හෝ sec.pscelectionreforms2021@parliament.lk යන විද්‍යුත් ලිපිනය ඔස්සේ එවන ලෙස, එම කාරක සභාවේ ලේකම් හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර මහත්මිය දන්වා සිටී.
ලිඛිත යෝජනා හා අදහස් ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට එවිය යුතුය.