මැතිවරණ කොමිසම අප්‍රසාදයට පත් කිරීමේ වෑයමක් ඇතැයි රෝහිණී කියයි

තමන්ට අවශ්‍ය ලෙස මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන නිසා මේ රටේ ජනතාව ඉදිරියේ මැතිවරණ කොමිසම අප්‍රසාදයට ලක් කිරීමේ උත්සහයක ආණ්ඩුව නිරතව සිටින බව ජාතික සමඟ ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂිකා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්විය පවසයි. කොරෝනා නිසා ආදායම් මාර්ග අවහිර වූ ජනතාවට ලබාදෙන රුපියල් 5000 දීමනාව දේශපාලනඥයින් සම්බන්ධ කර නොගෙන බෙදා දෙන ලෙස කොමිසම කළ ඉල්ලීම විකෘති කරමින් ආණ්ඩුව ජනතාවට කියන්නට උත්සාහ කළේ එම මුදල් ලබාදීම කොමිසම මගින් අත්හිටුවීමට උත්සහකරන බවක් යැයිද මේ ආකාරයෙන් කොමිසමට එරෙහිව ජනමතයක් ගොඩනගන්නට ආණ්ඩුව ක්‍රියා කරන්නේ ඔවුන්ගේ රූකඩයක් ලෙස කොමිසම ක්‍රියා නොකරන නිසා යැයිද ඇය කීවාය. මාතලේ රත්තොට පැවැති ජාතික සමඟ ජන බලවේගයේ ක්‍රියාකාරී හමුවකදී හිටපු මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළාය.

දහනව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීම නිසා අද බලයේ සිටින ආණ්ඩුවට අවශ්‍ය පරිදි බලපෑම්කර මැතිවරණ කොමිසම මෙහෙයවිය නොහැකි බවත් එය ජනතාව ලත් ජයග්‍රහණයක් බවත් කවිරත්න මහත්මිය කීවාය.වත්මන් ආණ්ඩුව එළඹෙන මැතිවරණයේදී තමන්ට  තුනෙන්දෙකක බලයක් ලබාදෙන ලෙස ඉල්ලන්නේ ජනතා සේවයට නොව 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර යළිත් මේ රට ඒකාධිපතිත්වයක් කරා ගෙනයාමට බවද ඇය පැවසුවාය. සහල් අස්වනු නෙළා තිබියදී අද රටේ ව්‍යාජ සහල් හිඟයක් මවා තිබෙන බවත් සහල් මාෆියාව බිඳ දමන බව කියා රට බාරගත් අය අද වී මෝල් හිමියන් ඉදිරියේ දණින් වැටී තිබෙන බවත් ඇය පැවසුවාය.

සහල් තිබෙන ප්‍රමාණ කොපමණද ඒවා කා ලඟද තිබෙන්නේ ආදි කරුණු සියල්ල තමන් සතු බව ජනපති ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී හමුදා නිලධාරීන් දැනුම්දුන් බවත් එම කරුණු අනුව ක්‍රියාත්මක වී සඟවා ඇති සහල් තොග සොයා ගැනීමට ආණ්ඩුව ක්‍රියානොකරන්නේ මන්දැයි ප්‍රශ්න කරන බවත් හිටපු මන්ත්‍රීරිය කීවාය.අද ගොවීන් පොහොර නොමැතිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බවත් ගොවිජන දෙපාර්තුමේන්තුව මගින් ගොවීන්ට නිකුත් කර තිබෙන්නේ නිර්දේශිත පොහොර ප්‍රමාණයන්ට වඩා ඉතා අඩු ප්‍රමාණයක් බවත් ඇය පැවසුවාය.අක්කර දෙකක කුඹුරකට යුරීයා කිලෝ 250 ක් මඩ පොහොර කිලෝ 90 ක් හා රතු කුඩු කිලෝ 60 ක් අවශ්‍ය වුවත් ගොවිජන දෙපාර්තුමේන්තුව නිකුත් කරන්නේ ඉතා අඩු පොහොර ප්‍රමාණයක් බවත් කී මන්ත්‍රීවරිය ගොවීන්ට අද මුදලට ගැනීමටත් පොහොර නොමැති බවද අවධාරණය කළාය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *