මැතිවරණයට පෙර කොවිඩ් සෞඛ්‍යමය විධිවිධාන ගැසට් කළ යුතුයි – පැෆරල්

ජන ජීවිත අවධානමට නොහෙලා කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ මැතිවරණ පැවැත්වීම සම්බන්ධ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා නිකුත් කළ සෞඛ්‍යමය විධිවිධාන ගැසට් කර නීතිමය වලංගුභාවයක් ලබා දෙන ලෙස පැෆරල් හී විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගෙන් ඉල්ලා ඇත.
එළඹෙන අගෝස්තු 05 වන දින පැවැත්වීමට සැලසුම් කොට ඇති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොවිඩ්19 වසංගත තත්වය තුළ ජන ජීවිත ආරක්ෂා වන පරිදි මැතිවරණ පැවැත්වීම පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් මේ වන විට හඳුන්වාදෙනු ලැබ ඇත.
නමුත් මැතිවරණ ක‍්‍රියාවලියට සම්බන්ධ විවිධ පාර්ශවයන්ගේ මෙන්ම සෞඛ්‍ය ආයතනවලද අදහස වූයේ මාර්ගෝපදේශ නිකුත් කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බවත් එකී මාර්ගෝපදේශ වලට පටහැනිව කටයුතු කරන අවස්ථාවක නෛතික පියවර ගැනීම ප‍්‍රායෝගිකව අපහසු හෙයින් ඒ අතුරින් සුදුසු විධිවිධාන ප‍්‍රමාණයක් නීතියක් බවට පත්කළ යුතු බවත්ය. ඒ අනුව අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන බවට විවිධ දින වකවානු ප‍්‍රකාශ කළද මෙතෙක් එකී සෞඛ්‍ය මාර්ගෝපදේශ නෛතික ප‍්‍රතිපාදනයක් බවට පත් කිරීම සිදුව නොමැත. යනුවෙන් රෝහණ හෙට්ටිආරච්චි සෞඛ්‍ය අමාත්‍යාවරිය වෙත යොමු කළ ලිපියේ සඳහන් කර ඇත.
අද වන විට සමාජය සමග සබඳතා පැවැත්වූ කොරෝනා රෝගින් හමුව ඇති අතර ඔවුන් සංචරණය කළ ප‍්‍රදේශ හා ඇසුරු කළ ආශ‍්‍රිතයන්ද සම්බන්ධයෙන් නිවැරදි උපකල්පනයක් සිදුකල නොහැකි වීම තුළ මතුව ඇත්තේ ගැටලූකාරී තත්ත්වයකි. මෙවැනි ගැටලූකාරී වටපිටාවක මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුද සිදුවන හෙයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව ප‍්‍රමුඛ අවධානයක් යොමුකල යුතු බව අපගේ විශ්වාසයයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකළද ජනතාව අවදානමකට ලක්නොවන පරිදි ප‍්‍රචාරක කටයුතු සිදුකිරීම මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයින්ගේ මෙන්ම දේශපාලන පක්ෂ නායකයින්ගේද ප‍්‍රමුඛ වගකීම විය යුතුය. යනුවෙන්ද සඳහන් කරන රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ පසුගිය කාලසීමාව තුළ දිවයින පුරා සිටින සිය නිරීක්ෂකයින් වාර්තා කර සිටියේ දේශපාලන පක්ෂ නායකයින් මෙන්ම අපේක්ෂකයින්ද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව තැකීමක් නොකර ප‍්‍රචාරක කටයුතු වල නියැලෙන බවයි.