මාරයාගේ මහ මැතිවරණය ළඟයි – චමින්ද විජේසිරි

අගමැති මහින්ද රාජපක්ෂ දෛවඥයින්ගේ උපදෙස් පරිදි මේ මස අවසන් වන්නට පෙර මහ මැතිවරණය පැවැත්වීමට උත්සාහ ගනිමින් ජන සංහාරයකට සූදානම් වන බවත් මැතිවරණය පැවැත්වුවහොත් එය මාරයාගේ කටයුත්තක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා. බදුල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රීවරයා බණ්ඩාරවෙල පිහිටි සිය කාර්යාලයේදී මාධ්‍ය අමතා මේ බව ප්‍රකාශ කළේය.
“මහා සංඝරත්නය, සෙසු පූජ්‍ය පක්ෂය, රටේ බුද්ධිමතුන් මේ මැතිවරණය තියන්න එපා කියනවා නම් මොකක්ද තියෙන වුවමනාව ඡන්දෙකට යන්න. වෙන මොකුත් නෙවෙයි රාජපක්ෂවරු හැමදාම බලයට ආශා කිරීම.” යනුවෙන් පැවසූ හිටපු මන්ත්‍රී චමින්ද විජේසිරි වැඩිදුරටත් සඳහන් කළේ, “ජනතාව බිල්ලට දීලා හරි රටේ නෙවෙයි තමන්ගෙ අනාගතය සාර්ථක කරගන්නයි මේ උත්සාහ කරන්නේ කියන කාරණය හැමෝටම වැටහිලා තියෙන්නේ” යනුවෙනි.
එසේම, මේ වසංගතයෙන් රටත්, ජනතාවත් මුදා ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල සඳහා අවශ්‍ය සහයෝගය ලබාදිය හැකි බවද අටවන පාර්ලිමේන්තුව කැඳවන මෙන්ද මන්ත්‍රීවරයා මාධ්‍ය අමතමින් ඉල්ලා සිටියේය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *