මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල් ට පහර දුන් එ.ජා .ප මන්ත්‍රී පුත්‍රයා කායවර්ධන උපදේශකයකුට පහර දෙයි.

 මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල් ට පහර දුන්   එ.ජා .ප  මන්ත්‍රී පුත්‍රයා   කායවර්ධන උපදේශකයකුට    පහර දෙයි.

පොලිසිය තවත් නිහඩයි⁣

සි සි ටි වී  දර්ශන ඇත . තර්ජන හඬ පට ද පොලිසියට

එක්සත් ජාතික පක්ෂයේ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු කල පහරදීමකින් තුවාල ලැබූ  තරුණයෙකු මාරවිල මුලික රෝහලට ඇතුලත් කර ඇත . මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි .මේ තරුණයා මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ මිගමුව ප්‍රදේශයේදියි .

මෙලෙස පහර කෑමට ලක්වූ තරුණයා වෙන්නප්පුව   ප්‍රදේශයේ කාය වර්ධන මධ්‍යස්ථානයක උපදේශකයෙකු ලෙස සේවය කරන අතර  මන්ත්‍රී පුත්‍රයාද වෙන්නප්පුව ප්‍රදේශයේ කාය වර්ධන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යයි . මේ පහර දීමට මුල් වී ඇත්තේ පසුගිය වසරේ  ඒ හා සම්බන්ධව ඇති වූ ආරවුලකි . මෙහිදී මේ තරුණයා මේ ගැටලුව විසඳා ගැනීම සදහා වෙන්නප්පුව පොලිසියේ පිහිට පතා ඇතත් පොලිසිය තරුණයා කළ පැමිණිල්ල විභාග කිරීම සදහා හෝ පියවර ගෙන නොමැති බව වාර්තා වේ .

පහර කෑමට ලක්වූ   ඩබ්ලිව් .ආර් . එච් . තමෙල් නැමති තරුණයා  තමන් මුහුණ දුන් සිදුවීම් මාලාව මෙලෙස විස්තර කරන ලදී . “මේ සිදුවීම ආරම්භ වෙන්නේ පසුගිය වසරේ අගෝස්තු මාසයේ. මම වැඩ කරන ජිම් එකට විශාල තරුණයෝ පිරිසක් එනවා .නමුත් මෙයාගේ ජිම් එකට එන්නේ නැහැ . ඒ ගැන මේ පුද්ගලයාට ලොකු  වෛරයක් තිබුනා . ඒ නිසා අනවශ්‍ය සිදුවීමක් අරගෙන බලහත්කාරයෙන් අපේ ජිම් එක වහලා දැම්මා . එහෙම කරලා අපේ බොස්ට පැමිණිල්ලක් වත් දාන්න යන්න දුන්නේ නැහැ . මෙයා දිනපතා අපේ ජිම් එක ලගට ඇවිල්ලා අපි ඉන්නවද කියලා බැලුවා . මේ අතර මට මරණ තර්ජන අවා . මේ නිසා මම  2019 අගෝස්තු මාසේ  හතරවෙනිදා  වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් දැම්මා . ඒ දාලා මම දවස් හතරක් පොලිසියට
ආවා පැමිණිල්ල විභාගයට . නමුත්  මේ පුද්ගලයා පොලිසිය ඇතුලට ආවේ නැහැ . ඒ හැම දිනකම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න කියලා මට පොලිසිය ඉදිරිපිටට ඇවිල්ලා තර්ජන කළා. ගමට එන්න එපා කිව්වා . මම මේ ගැන  දුරකථන හඬ පට ඉදිරිපත් කරමින් පොලිසියට කිව්වා නමුත් පොලිසිය ශත පහකට ගණන් ගත්තේ නැහැ. ඒ පුද්ගලයා ඇවිල්ල පොලිසිය ඉදිරිපිට වාහනය නවත්ව ගෙන මට තර්ජනය කරන නිසා මට වෙන කරන්න දේකුත් තිබුනේ නැහැ . ඒ අතරේ ආණ්ඩුව පෙරලුනු නිසා මගේ බය නැති වුනා. පුරුදු පරිදි මම මගේ වැඩ කළා. ඒ අතරේ තමයි මට මීගමුවේදී මේ පුද්ගලයා හමු වුණේ. මට ඔළුවට මුහුණට බඩට හොඳටම ගැහුවා. මේ සිදුවීම සි. සි.ටි.වී පද්ධතියේ සටහන් වෙලා තියනවා . මේ පාර පැමිණිල්ල මම දාල තියෙන්නේ මාරවිල රෝහල් පොලිසියෙයි. මිගමුව පොලිසියෙයි. නමුත් මේ දක්වා මොහු අත්අඩංගුවට ගැනීමක් කරලා නැහැ .

මිට සති දෙකකට පමණ පෙර මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල් මහතාට පහර දීමටද  මේ මන්තී‍්‍ර පුත්‍රයා සම්බන්ධ බවට  තොරතුරු ලැබී තිබුණත් මොහු ඒ සිදුවීම සම්බන්ධයෙන්ද  අත්අඩංගුවට ගැනීමක් නොකල අතර  ප්‍රසාද් පුර්ණමාල් මහතාට  සෘජුවම පහර දුන් මොහුගේ සහෝදරයා මේ වන විට  රට හැර ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි .

මේ සම්බන්ධයෙන් කල විමසීමේදී මිගමුව පොලිසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ පැමිණිල්ල විභාග කිරීම සදහා මේ මස 06 වැනි දින  අදාල පුද්ගලයාට මිගමුව පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි .  

පිවිස නරඹන්න පහර දීම ඇතුළත් දර්ශන

සදාචාර සීමාවන් සළකා හඬපට පළකරනු නොලැබේ.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *