මාධ්‍යවේදී ප්‍රසාද්ට මැර ප්‍රහාරයක්

ගියේ අනවසර කුඹුරු ගොඩ කිරීමක් වාර්තා කරන්න.

බලපත් බලන්න ඇහුවම ගහලා

මැරයො දේශපාලන පක්ෂයක ආධාරකරුවො

වෙන්නප්පුව ප්‍රදේශයේ  වෙල් යායක්  අනවසරයෙන්  ගොඩකිරීමක්  වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න මහතාට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ . 17 පස්වරුවේ මේ මැර ප්‍රහාරය එල්ල වී ඇති අතර  මේ සදහා පැමිණ ඇත්තේ  වෙන්නප්පුව ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකු හා එකසත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මැරයෙකි. ප්‍රදේශවාසීන් පවසන අන්දමට  මේ මැර පිරිස මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න මහතා බෙල්ලෙන් ඇදගෙන ගොස් පහර දීම සිදු කර තිබේ . මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල් මහතා වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර ඇත . පසුව ඒ මහතා රෝහල් ගත වී තිබේ.

පහර දීම සිදු කර ඇත්තේ මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල් මහතා  මේ වෙල් යාය ගොඩ කිරීම සදහා ලබා ගත් අනුමැතිය  ඉල්ලා සිටි අවස්ථාවේදීයි . එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ  අනුමැතිය ලබා ගැනීම සදහා ඒ වන විට ගොස් ඇති බවයි .

මේ වෙල්යාය  ගිංඔය රක්ෂිතයේ පිහිටා ඇති අතර මෙය වෙන්නප්පුව  ප්‍රධාන වැවෙන් පෝෂණය වන ප්‍රදේශයකි . පසුගිය කාලය පුරා ඉවක් බවක් නොමැතිව සිදුකල මෙවැනි ගොඩ කිරීම් හේතුවෙන් වෙන්නප්පුව නගරය අවස්ථා කීපයකදී ජලයෙන් යටවූ අතර ඒ සදහා විකල්ප සෙවීමට පසුගිය රජයට රුපියල් කෝටි ගණනක මුදලක් වැය විණි . එහෙත් ඇතැම් ගම්මාන හා ප්‍රදේශ සුළු වර්ෂාවකදී
පවා ජලයෙන් යටවන අතර  මේ හේතුවෙන් ගම්මාන කීපයක ජනතාව ට සිය නිවාස අතහැර යාමට පවා සිදුව තිබේ.

එවැනි තත්වයක් ප්‍රදේශයේ තිබීම නිසා මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල් මහතා මෙය වාර්තා කිරීමට ගොස් ඇති අතර  එහිදී ඔහුට පහර දී මරණ තර්ජන පවා එල්ල කර තිබේ .
වෙන්නප්පුව පොලිසිය විසින් 17 දහවල් මේ අනවසර ගොඩකිරීම නවතා දැමුවත් ඊයේ පස්වරුව වන තෙක් එය නවතා නොතිබිණි .

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *