මාධ්‍යවේදී ප්‍රසාද්ට පහරදීම, වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.

මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න පාරිසරික විනාශයක් වාර්තා කිරීමට ගිය අවස්ථාවේදි එල්ල කරන මැර ප්‍රහාරය දැඩිව හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ වෙන්නප්පුව ප්‍රදේශයේ විධිමත් අවසරයකින් තොරව වෙල්යායක් ගොඩ කිරීම පිළිබඳ සිදුවීම වාර්තා කිරීමට එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව තිබෙන බවයි. මෙම වෙල්යායට තමාට හිමිකමක් ඇතැයි කියන හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ගෙන් එම ඉඩම පිරවීම බාර ගත් තවත් හිටපු වයඔ පළාත් සභා මන්ත්‍රිවරයෙකු ගේ පුත්‍රයෙකු ඇතුඵ පිරිසක් තමාට පහර දුන් බව ප්‍රසාද් පුර්ණිමාල් ජයමාන්න පවසා ඇත. මීට මාසයකට පමණ පෙරද මුන්දලම පොලිස් බල ප්‍රදේශයේ දි ප්‍රසාද් පුර්ණීමාල් ජයමාන්න මෙවැනිම පහර දීමකට ලක් වු අතර, එහිදි මුන්දලම පොලිසියට ගම් වාසින් විසින් කරන ලද පැමිණිල්ල විභාග කොට ඇත්තේ පහර කෑමට ලක් වු මාධ්‍යවේදීයා කැඳවීමක් හෝ ඔහුගෙන් විමසිමක් නොකරය.
මහජනතාවට සත්‍ය වාර්තා කිරීමේ වගකීමෙන් බැඳි සිටින වෘත්තීය මාධ්‍යවේදීන්ට අඩන්තේට්ටම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද, සිය පොලිස් බල ප්‍රදේශ තුල සිදුවන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කරනු ලබන පැමිණිලි කෙරෙහි බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ගැටළුකාරි ප්‍රවණතාවයක් බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැඩිදුරටත් පවසයි.
එසේම මාධ්‍යවේදීන්ට හිංසනයෙන් තොරව සිය කටයුතුවල නියැලීමේ පරිසරය පවත්වා ගැනීම රජයේ වගකීමක් බව අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පරික්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කරන මෙන් අදාල පොලිස් බලධාරින් ගෙන් තරයේ ඉල්ලා සිටි.