මාතලේ මහ නගර සභාවේ වාහන ඡන්ද වැඩට

මාතලේ මහ නගර සභාවට අයත් රජයේ වාහන මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපෙක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරිම සඳහා නීති විරෝධීව රැගෙන යන බව බව මාතලේ මහ නගරාධිපති (එ.ජා.ප) දේශමාන්‍ය ඩල්ජිත් අලුවිහාරේ පැවසිය. මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති (එ.ජ.නි.ස) සන්දනම් ප්‍රකාශ් මහතා විසින් මෙලෙස වාහන රැගෙන යන බවත් මේ පිළිබදව තමන් මැතිවරණ කොමිෂම වෙත ලිඛිතව දැන්වා ඇති බවත් නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ පැවසුවේ මාතලේ මහ නගර සභාවේදී මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මැතිවරණ සමයේ මෙවැනි ක්‍රියා සිදු කළ නොහැකි අතර මැතිවරණ කොමිෂම විසින් 2020 ජුනි මස 06 දින අංක 2178/29 අති විශේෂ ගැසට් නිවේදනය අනුව අංක 5 වාහන යටතේ මෙවැනි ක්‍රියා සිදු කළ නොහැකි බවත් ඩල්ජිත් අලුවිහාරේ පවසයි. නගර සභාවේ ඉහළ නිලධාරින්ගේ සහය මීට ලැබෙන බවත් මේ පිළිබදව ඔවුන්ට විරුද්ධව වහා නිතිය ක්‍රියාත්මක කළ යුතු බවත් පෙන්වා දෙන නගරාධිපතිවරයා නාගරික බදු ගෙවන ජනතාවගේ මුදලින් යැපෙන මහජන නියෝජිතයින් මෙවැනි ක්‍රියා සිදු කිරීම හෙලා දකින බවත් පැවසීය.

රජයේ වාහන ලබාගෙන පක්ෂ ප්‍රවර්ධනය කිරිම කිසිසේත් සිදු නොකළ යුතු බවත් මෙය මැතිවරණ නිතිය දැඩි ලෙස උල්ලංගණය කිරිමක් බවත් අදාළ පිරිස වෙත නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත.

උප නගරාධිපති සන්දම් ප්‍රකාශ් මේ පිළිබඳව කියා සිටියේ රාජකාරි මට්ටමින් තමන් වාහන රැගෙන යන බවයි. විෂයභාර අමාත්‍යවරයා හමුවෙන්න නගර සභාවේ වාහන රැගෙන යා හැකි බවද ඔහු පැවසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *