මාතලේ පොහොර ජාවාරම වටලයි
මාතලේ දිසා ලේකම් කාර්යාලය සහ පාරිභෝගික සේවා අධිකාරිය එක්ව කළ වැටලීමකදී විල්ගමුව මාරක ප්රදේශයේ ගබඩාවක වැඩි මිළට විකිණීම සඳහා සඟවා තිබූ පොහොර තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගොවි ජනතාව කළ දැනුම් දීමකට අනුව ගබඩාව සීල් තැබූ නිලධාරීහු පසුව පියවර ගත්තේ එහි තිබූ යූරියා පොහොර මිටි 100ක් රජය අනුමත මිළට ගොවීන්ට අලෙවි කිරීමටයි.
රජය අනුමත මිළ රුපියල් 1500කි. මෙලෙස සඟවා ඇති පොහොර තොග සොයා මාතලේ දිස්ත්රික්කය පුරා මෙහෙයුම් සිදු කරනු ලැබේ. ඒ අනුව මේ වනවිට යූරියා සහ මඩ පොහොර මිටි දහසක් පමණ ගොවීන් වෙත ලබා දීම සඳහා පියවර ගෙන තිබේ.