මහ පන්සල් බදුර්දීන් හමුවෙන්න බෑ කියයි.

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් හමුවීම මල්වතු අස්ගිරි මහනායක හිමිවරු ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. මහානායක ස්වාමීන් වහන්සේලා දෙනම බැහැදැකීම සඳහා රිෂාඩ් බදුර්දීන් අවසර ඉල්ලා තිබුණු අතර ඊයේ සන්ධ්‍යාවේ දැනගන්නට ලැබුණේ ඒ සඳහා අද (13) වේලාව වෙන්කෙරුණු වගයි. එහෙත් අද උදෑසන වනවිට මල්වතු අස්ගිරි දෙපාර්ශවයම ඔහු මුණගැසීම කල් දැමීමට අදහස් කරගෙන සිටින බව දන්වා ඇත. එවැනි හමුවීමක් මේ අවස්ථාවේ අනවශ්‍ය අවධානයට ලක්විය හැකිවීම ඊට හේතුව බව දැනගන්නට ලැබේ. ඒ අතර ජාතික නිදහස් පෙරමුණ බදුර්දීන්ගේ විදෙස් ගිණුම් සම්බන්ධව පැමිණිලි කිරීමට කටයුතු කර තිබේ.