මහ ඡන්දෙ අත ළඟ, මහින්ද කුරුණෑගලින්.

මාර්තු 02 වෙනිදා පසු වූ විගස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇති හෙයින් ලැබෙන මුල් අවස්ථාවේම එය විසුරුවා හරිනු ඇතැයි පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල් පීරිස් පවසයි. එසේ වුවහොත් අප්‍රේල් අවසන මැතිවරණය පැවැත්වෙන බවද, සිය පක්ෂයේ ඉලක්කය පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක් දිනා ගැනීම බවද ඔහු පෙන්වා දෙයි.
ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල දියත් කිරීම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් බිහිවනු ඇතැයිද අගමැති මහින්ද රාජපක්ෂ සුපුරුදු පරිදි කුරුණෑගලින් තරඟ වදිනු ඇතැයිද ජී. එල්. පීරිස් සඳහන් කරයි. මීට පෙර කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මහනුවරදී පැවසුවේ අගමැති මහින්ද ගම්පහෙන් ඡන්ද සටනට එන බවයි.
කෙසේ වෙතත් ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ලබා ගතහොත් නැවත ව්‍යවස්ථා සංශෝධන කථාබහ කරළියට එනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.