මහ ඡන්දයට බදුල්ලේ සූදානම

බදුල්ල දිස්ත්‍රීක් සහකාර මැතිවරණ කොමසාරිස් ඉන්දික හතුරුසිංහ මහතා පවසන අන්දමට දිස්ත්‍රීක්කයේ ඡන්ද දායකයින් 6,68,166 ක් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 523කදී සෞඛ්‍යාරක්ෂිත ඡන්ද විමසීමක් සිදුකිරීමට සියළු කටයුතු සූදානම් කර ඇත. ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන් පත්කිරීම සහ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම් අද(4)උදෑසන 8ට සිදුකළ බවත් 11,500කගෙන් යුත් රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙවර මැතිවරණ රාජකාරී සදහා යොමුකර තිබෙන බවත් හතුරුසිංහ මහතා සඳහන් කරයි.

අගෝස්තු 06 වනදා උදෑසන 8ට ඡන්ද ගණන් කිරීමේ කටයුතු අරඹන බවත් පක්ෂ වශයෙන් ඡන්ද ගණනය කිරීම් පෙරවරු 11 වනවිට  අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් මනාප ගණනය කිරීම් මධ්‍යහ්න 12ට ආරම්භ කර  දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලය රාත්‍රී 7 ට පෙර ලබාදීමට අපේක්ෂා කරන බවද ඔහු සදහන් කළේය.

බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සහ ධර්මදූත විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල  ශාලා 146ක් තුළ ගණන් කිරීම් කටයුතු සිදුකරන අතර ඒ සඳහා පත්කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 3044 කි. එක් ශාලාවක් තුළ ගණන් කෙරෙන  උපරිම ඡන්ද සංඛ්‍යාව 6000 ක් බවත්  ඒ අනුව ඡන්ද ගණනය කිරීම් ඉතා ඉක්මනින් සිදුකර අවසන් කළ හැකි බවත් ඉන්දික හතුරුසිංහ මහතා පවසයි.

ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන සහ ගණනය කිරීමේ ස්ථාන කොවිඩ් 19 වසංගත නිවාරණයට අදාලව සෞඛ්‍ය අංශ ලබාදුන් නිර්දේශවලට අනුකූලව සූදානම් කර තිබෙන බවත් ඊයේ සහ අද විෂභීජහරණ කාර්යය කළ බවත් ඡන්දයෙන් පසුවද එම ස්ථාන විෂබීජහරණය කරන බවත් ඊට පළාත් පාලන ආයතනවල සහයෝගයද ලැබී තිබේ.

බදුල්ල දිස්ත්‍රීක්කයේ මන්ත්‍රීධූර 9 වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් 24 ක් මෙවර තරඟ කරයි.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *