මහා මුහුදේ අත්විඳි භීෂණය ගැන කියන රෝහින්ග්‍යා වැසියෝ
රෝහින්ග්‍යා සරණාගත කණ්ඩායමක් පවසන්නේ ඉන්දුනීසියානු වෙරළ තීරය අසලදී ඔවුන් බේරා ගන්නා තෙක් මාස හතරක මුහුදු ගමනක දී ජීවත්ව සිටීම සඳහා තම මුත්‍ර ද පානය කළ බව ය.
අවසානයේ දිවි ගලවා ගත් 100 ක් පමණ, වන කාන්තාවන් සහ ළමයින් – ඔවුන්ගේ යාත්‍රා මුහුදට ගසාගෙන යද්දී අත්විඳි භයානක දේ විස්තර කළේය. දිවි ගලවා ගත් දෙදෙනෙක් කියා සිටියේ ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහා මුදල් ලබා ගත් ජාවාරම්කරුවන් රෝහින්ග්‍යා වැසියන්ට පහර දී පසුව නව බෝට්ටුවකට රැගෙන ගොස් මුහුදේ අතහැර දැමූ බවයි.
ඉන්දුනීසියාවේ ධීවරයින් ඔවුන් බේරාගෙන බංග්ලාදේශයට කිලෝමීටර් දහස් ගණනක් දකුණින් වෙරළට ඇදගෙන යනු ලැබීය. 100 ක් පමණ වූ බේරා ගත් මෙම කණ්ඩායමේ කාන්තාවන් 48 ක් හා ළමයින් 35 ක් වූහ.
ඔවුන් දකුණේ බලුකාලි සරණාගත කඳවුරෙන් පිටත් වූ අය වෙති. දිවි ගලවා ගත් අය මියන්මාරයේ ගැටුම්වලින් පීඩා විඳි රාඛයින් ප්‍රාන්තයට අයත් අය වේ.