මහසොහොනා ඡන්දෙට

 මහසොහොනා ඡන්දෙට

මේ වන විට තහනමට ලක්ව ඇති මහසොන් බලකාය සංවිධානයේ නිර්මාතෘ අමිත් වීරසිංහ ගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායමක් 12 දින පස්වරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉදිරි මැතිවරණය සඳහා නාම යෝජනා භාර දුන්හ.
මෙහිදී අදහස් පළ කළ අමිත් වීරසිංහ මහතා කියා සිටියේ මෙම මැතිවරණය සඳහා තරඟ කිරීමට විවිධ පක්ෂවලින් ආරාධනා ලැබුණද එම පක්ෂ තමාගේ කොන්දේසි වලට එකඟ නොවූ බැවින් ස්වාධීන කණ්ඩායමක් වශයෙන් තරග කිරීමට කටයුතු කරන බව ය.
අන්තවාදයෙන් තොර දූෂණයෙන් හා වංචාවෙන් තොර රටක් සෑදීම සඳහා නව දේශපාලන සංස්කෘතියක් රටට ඉදිරිපත් කිරීම තම කණ්ඩායමේ අරමුණ බවත් මහනුවර දිස්ත්‍රික්කයට පමණක් මෙවර මැතිවරණයට නාම යෝජනා භාර දීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *