මහවැස්සේ කාණුවකට වැටුණු මහනුවර කතක් දියේ ගිලී මරුට

මහනුවර නගරයට අද (28) පස්වරුවේ ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ මහයියාව පූර්ණවත්ත ප්‍රදේශයේ ජල කාණුවකට වැටී ගසාගෙන ගිය තිදරු මවක් මරණයට පත්ව තිබේ.

වර්ෂාවත් සමඟ පූර්ණවත්තේ පිහිටි තම නිවස ඉදිරිපිට කාණුවේ පොලිතීන් ඇතුළු කසළ සිරවී එය පිටාර ගැලීම නිසා අදාළ කාන්තාව ඒවා ඉවත් කිරීමට යාමේදී කාණුවට වැටී ජලපහරත් සමඟ ගසාගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

ජලපහරට අසුව ගසාගෙන ගිය කාන්තාව බේරා ගැනීමට ගිය ඇගේ සැමියාද කාණුවට ඇද වැටී ජලයේ ගසාගෙන ගොස් තිබෙන බවත් ඔහු අතර මගදී කණුව හරහා වැටී ඇති නළයක් අල්ලාගෙන දිවිබේරාගෙන තිබෙන බවත් පොලීසිය පවසයි.

ජලපහරේ ගසාගෙන ගිය කාන්තාවගේ මළ සිරුරු ඇගේ නිවසේ සිට කිලෝ මීටරයක පමණ දුරින් මහයියාව බිංගය ආසන්නයේ තිබී සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ ෆාතිමා පියාසා (47) නැමැති කාත්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.