මහවැලි ගොවීන් පොහොර ඉල්ලා සටනට

ගිරාඳුරුකෝට්ටේ ,චාමින්ද බුලත්සිංහල.

වගාව සඳහා පොහොර ඉල්ලා මහවැලි සී කලාපයේ ,ගිරාඳුරුකෝට්ටේ කොට්ඨාසයට අයත් අළු යටවෙල  මහවැලි ගම්මානයේ වෙල්යායේ දී අද උදෑසන ගොවි විරෝධයක් පවත්වනු ලැබූ අතර ඔවුන්ගේ ඉල්ලීම වන්නේ කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතිය අසාර්ථක බවත්
ඉදිරි කන්නේ සඳහා මෙම මස 20 වන දින පහු වන විට ජලය ලබාදීමට නියමිත බැවින් පොහොර හැකි ඉක්මනින් ලබාදෙන ලෙසත් වී වලට සාධාරණ මිලක් ලබාදෙන ලෙසත්ය.
ඉන් අනතුරුව  මහවැලි සී කලාපයට  අයත් ගිරාඳුරුකෝට්ටේ  ප්‍රදේශයේ  ගොවි සංවිධාන කිහිපයක් එකතුවී  එම ස්ථානයේදීම මාධ්‍ය හමුවක් පවත්වන ලදී . එහිදී  ගොවි ජනතාව කාබනික පොහොර භාවිතයේ දී ගැටළු රාශියක් පැන නැගී ගොවිතැන විනාශ වී ගොවියත් විනාශ වන බව පවසයි. මෙවර මහ කන්නයේ වී වගාව සඳහා මෙතෙක්  මෙම පොහොර ගැටළු වලට විසඳුම් ලබා දීමට කටයුතු කර නොතිබීම නිසා  තමන් ගොවි තැනින් ඉවත් වන බවය.  විදෙස් රටවලින් ගෙන්වන කාබනික පොහොර ගොවි තැනට සුදුසු නැති බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී. මෙම අවස්ථාවට ගොවි ගෙවිලියන් රැසක් එක්ව සිටි අතර , සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින්  සංවිධානය කර තිබුණි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.