මහමැතිවරණය 2020, නුවරඑළියට උදැල්ලක්

 මහමැතිවරණය 2020, නුවරඑළියට උදැල්ලක්

ඉදිරි මහ මැතිවරණයේදි දමිළ ප්‍රගතිශීලි සන්ධානය නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා අපේක්ෂකයින් සිව්දෙනෙකු ඉදිරිපත් කළහොත් කඳුරට ජනතා පෙරමුණ ඔවුන් හා එක්නොවී තම පක්ෂයේ උදැල්ල ලකුණ යටතේ තනිව තරඟ කරන බව කදුරට ජනතා පෙරමුණේ මහ ලේකම් ඒ.ලෝරන්ස් මහතා පවසයි.

දමිළ ප්‍රගතිශීලී සන්ධානය මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා  අපේක්ෂකයින් සිව් දෙනෙකු ඉදිරිපත් කරන බවට තොරතුරු ලැබීමත් සමඟ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන මණ්ඩලය 23 දා රැස්ව අදාළ තීරණය ගත්බව ඒ මහතා කීය.

එම සාකච්ඡාවේදි කදුරට ජනතා පෙරමුණේ නායක හිටපු අමාත්‍යය වි.රාධාක්‍රිෂ්ණන් මහතාගේ නායකත්වය යටතේ උදැල්ල සලකුණ යටතේ තනිවම තරග කිරිමට දේශපාලන මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවද ඒ.ලොරන්ස් මහතා පැවසිය.

දමිළ ප්‍රගතිශිලි සන්ධානය යටතේ මේවන විට පලනි දිගම්බරම්,වි.රාධාක්‍රිෂ්ණන්,එස්.තිලකරාජ් යන තිදෙනා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කලනු බවයි. කදුරට ජනතා පෙරමුණ නොමැතිව දමිළ ප්‍රගිතිශිලි සන්ධානයට ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි මන්ත්‍රිවරුන් දිනා ගැනිම අභියෝගයක් වනු ඇති බවද ලෝරන්ස් මහතා පැවසුවේය

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *