මහනුවර මහනගර සභාව රැස්වීම කල් යයි

මහනුවර මහ නගර සභාවේ එජාප මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට පි.සි.ආර් පරීක්ෂණ මගින් තහවුරු වීම හේතුවෙන් එම මන්ත්‍රීවරුන් දෙදෙනා ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට යොමු කරවීමට පියවර ගෙන ඇත.

මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඔවුන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනය ට යොමු කොට ඇති බැවින් අද (29)  පැවැත්වීමට නියමිතව තිබූ නගර සභාවේ මාසික මහ සභා රැස්වීම ද සති දෙකකට කල් දැමූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.