මහනුවර; බැතිමතුන්ට දෙවියන් අහිමි කළ අසුර කොරෝනා

 මහනුවර; බැතිමතුන්ට දෙවියන් අහිමි කළ අසුර කොරෝනා

මහනුවර සතර මහා දේවාලයයනට අයත් විෂ්ණු දේවාලයද කොරෝනා බිය නිසා කිසිවෙකුටත් ඇතුළුවීම තහනම් කරමින් වසා දමා ඇතැයි වාර්තා වෙනවා. ඒ අකුරණ තෙළමුගස්වත්තෙන් හමු වූ කොරෝනා රොගියාගේ සම්බන්ධතා දාමයට අයත්වන පුද්ගලයෙකු දේවාලය ඇසුරු කිරීම නිසා.

පරීක්ෂණවලින් තහවුරු වන අන්දමට අකුරණ තෙළඹුගස්වත්තේ පදිංචි කොවිඩ් 19 වයිරසය ආසාධනය වූ රෝගියා රෝහල් ගතවීමට පෙර පුද්ගලික වෛද්‍ය ආයතනයකින් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. එම අවස්ථාවේ එහි සිටි එක් හෙදියක් විෂ්ණු දේවාලයේ තේවාවට සහභාගිවන ශිල්පියෙකුගේ සොහොයුරියක්. ආසාධිතයා පිළිබඳ කරුණු වාර්තා වූ සැණින් අදාල හෙදිය ඇතුළුව සම්බන්ධතා දාමයේ පිරිස් වෙත නිවාසීව නිරෝධායනය වෙන්නට උපදෙස් දුන් අතර එම කාලය තුළ දේවාලයේ තේවාවට සහභාගී වූ ශිල්පියාටද නිරෝධායනය වෙන්නට උපදෙස් දී තිබෙනවා. ඊට අමතරව ශිල්පියා නිරෝධායනයට පෙරාතුව දේවාලයේ තේවාවන්ට සහභාගී වූ නිසා ඔහු ඇසුරු කළ සෙසු ශිල්පීන් ඇතුළු දේවාලයේ සියලුම දෙනාට නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම මේ වනවිට දේවාලය නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති අතර සියලුම බැතිමතුන්ට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *