මහනුවර, පළමු කොරෝනා රෝගියා වාර්තා වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොරෝනා රෝගියා අද (28) මහනුවර අකුරණ ප්‍රදේශයෙන් හමුවූ බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.
මහනුවර ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයාට කොවීඩ්-19 වෛරසය ඇතුළත්ව තිබෙන බව අද(28) තහවුරු වූ බව අධ්‍යක්ෂවරයා පැවසුවේය.
රෝගීයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අංගොඩ අයි.ඩී.එච් රෝහලට මාරුකර යැවූ බවද ඒ මහතා කීය.
අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ඉන්දියාවේ සංචාරයක නිරතව මෙරටට පැමිණි අයෙකු බව වාර්තා වෙයි.
