මහනුවර කොවිඩ් ආසාදිතයන් 1000 පනී.
මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1003 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දිස්ත්‍රික්කය තුළින් අද (28) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගෙන තිබෙන නව ආසාදිතයින් සංඛ්‍යාව 12 කි.අකුරණින් 03 ක් පාතදුම්බරින් 03 ක් පූජාපිටියෙන් 03 ක් හාරිස්පත්තුවෙන් 02 ක් හා හතරලියද්දෙන් 01 ක් ලෙස නව ආසාදිතයින් හඳුනාගත් බව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් පමණක් ආසාදිතයින් 280 ක් හඳුනාගෙන තිබේ.මහනුවර නාගර සීමාවෙන් ආසාදිතයින් 208ක් හා ගම්පොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් 78 ක් හමුවී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.