මහනුවර ඇන්ටිජන් කට්ටල නෑ. පී.එච්.අයි 15කට කොවිඩ්

මහනුවර දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 15 දෙනෙකුට පමණ කොවිඩ් ආසාදනය වී තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සභාපති අසංක රාජපක්ෂ මහතා පවසයි.
මේවන විට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රජයේ සෞඛ්‍ය අංශ සතුව නොමැති වීම නිසා කොවිඩ් ආසාදිත රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදු කිරීම ගැටලුවක් වී ඇතැයිද ඒ මහතා කීය.
පවතින තත්ත්වය තුළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පෞද්ගලික අංශය මගින් පමණක් සිදු කරන බවත් රාජ්‍ය අංශය මගින් අදාළ පරීක්ෂණ නොකරන නිසා ඇතැම් පෞද්ගලික ආයතන මගින් සාමාන්‍ය මුදල ඉක්මවා රැපිඩ් පරීක්ෂණ සඳහා මුදල් අය කරන බවට පැමිණිලි ලැබෙන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මහනුවර මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 06 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බව මේවන විට තහවුරුව තිබෙන බවද හෙතෙම කීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් කොවිඩ් ආසාදිත තත්ත්වයට පත්ව සිටියත් කිසිදු අඩාල වීමකින් තොරව සෞඛ්‍ය සේවා ලබාදීමට පියවර ගෙන තිබෙන බවද රාජපක්ෂ මහතා පැවසුවේය.