මහනුවර, ආයුර්වේදයට මුවා වී කතුන් අලෙවි කළ ස්ථානයක් වටලයි

මහනුවර පොලිස් වසමේ දොඩම්වල හල්ඔළුව නව පාළම ආසන්නයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සේවයේ නියුතුව සිටි කාන්තාවන් පස් දෙනෙකු සහ කළමනාකාරවරයා මහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ .

අත්අඩංගුවට පත් කාන්තාවන් ගලහ ,පේරාදෙනිය,අකුරැස්ස,ගාල්ල,තිස්සමහාරාමය ආදී ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව පොලීසිය පවසයි.

ගණිකා නිවාසයක් පවත්වාගෙන යමින් කාන්තාවන් ගණිකා සේවයේ යෙදවීම යන චෝදනා යටතේ කළමනාකාරවරයාද ගණිකා සේවයේ නිරතවීම යන චෝදනා යටතේ කාන්තාවන් පස් දෙනාද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.කේ .රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ මහනුවර මූලස්ථාන බාර ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති තිලක් සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබ තිබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.