මහනුවරට උමං දුම්රිය.

 මහනුවරට උමං දුම්රිය.

මහනුවර දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් භූගත ද්විත්ව දුම්රිය උමං මාර්ගයක් ඉදි කිරීමට සැළසුම් කර තිබෙන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.

මහනුවර නගරයේ පවතින අධික වාහන තදබදයට පිළියමක් ලෙස ඉදි කිරීමට අපේක්ෂිත මෙම ද්විත්ව භූගත දුම්රිය උමං මාර්ගය සඳහා ආසියානු සංවර්ධන ආධාර ලබා ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.
මහනුවර දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඇමැතිවරයා (15)දා මේ බව ප්‍රකාශ කළේය.

මහනුවර දුම්රිය ස්ථානයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශය,ධාවනාගාරය,දුම්රිය අංගනය,මගී පර්යන්තය ඇතුළු අංශ කිහිපයක් මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

පේරාදෙණියේ සිට මහනුවරට රෝහල් පහක්ද පාසල් අටක් ද ස්ථාපිතව තිබෙන බවත් එම කිලෝමීටර් කිහිපය තුළ පවතින වාහන තදබදය වෙනස් කිරීම භූගත දුම්රිය මාර්ගයක් ඉදි කිරීම හැර වෙනත් ක්‍රමයකින් නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

භූගත උමං මාර්ගයට අමතරව මහනුවර කොළඹ අධිවේගී මාර්ගය දෙපසින් සීඝ්‍රගාමී අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදිකිරීමටද සැලසුම් කර ඇතැයි ඒ මහතා කීය.

සුනාමි ව්‍යසනයෙන් අනතුරුව දින 52 ක් වැනි කෙටි කාලයක් තුළදී දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තු නිලධාරීන් කටයුතු කළ බවත් එමඟින් තමන් කොපමණ දක්ෂද යන්න ඔවුන් ඔප්පු කර පෙන්වූ බවත් ඇමැතිවරයා පැවසුවේය.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ හිටපු උප සභාපති එස්.බී රත්නායක,මහනුවර දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ලයනල් ධර්මපාල යන මහත්වරුද සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *