මස්කෙළි කොටියාගේ දිවි බේරයි

 මස්කෙළි කොටියාගේ දිවි බේරයි

මස්කෙළිය බ්‍රවුන්ලෝ තේ වත්තේ වගා බිමක අටවා තිබූ උගුලකට අසුවී තුවාල ලැබ සිටි අවුරුදු හතක් පමණ වයසැති කොටියෙකු බේරා ගැනීමට නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් 14 දා සමත්ව තිබේ.
උදර ප්‍රදේශය මන්දට අසුවීමෙන් තුවාල ලැබ සිටි කොටියා මන්දෙන් ගලවා ගැනීමට නිර්වින්දනය කිරීමට සිදුවූ බවත් රන්දෙණිගල පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍යරයෙකුගේ සහය ඒ සඳහා ලබාගත යුතු බවත් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවේය.
තුවාල ලැබ සිටි කොටියා ප්‍රතිකාර සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය කාර්යාලයට රැගෙන ගිය බවත් සුව වූ පසු වනයට මුදා හැරීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.
මන්ද ඇටවූ පුද්ගලයා පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසුවේය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *