මරණ 07 රත්නපුරෙන් ලෙඩ්ඩු 03

මෙරටින් වාර්තාවන 07 වන කොරෝනා රෝගී මරණයද මේවනවිට සිදුව ඇතියි සෞඛ්‍ය අංශ නිල තහවුරු කිරීම් සිදු කළා. ඒ අතර අද දිනයේදී නව ආසාධිතයින් තිදෙනෙක් වාර්තා වූ අතර ඔවුන් තිදෙනාම වාර්තා වූයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහට අනුව මේ වනවිට ඉතාලියේ සිට පැමිණි පිරිස අතුරෙන් රෝගීන් වාර්තා වීම පාලනය වී ඇති බවයි. ඔහු පෙන්වා දෙන අන්දමට දැන් වැඩි වශයෙන් රෝගීන් හඳුනාගැනීමට ලැබෙන්නේ, ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ සිට පැමිණෙන පිරිස් අතුරෙන්. ඔවුන් බොහෝ දෙනා ආගමික වැඩසටහන්වලට සහභාගි වූ අය බවයි හඳුනාගෙන තිබෙන්නේ.
තත්ත්වය මෙසේ තිබියදී පුත්තලම, මහනුවර, යාපනය, කොළඹ, කලුතර, ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට (9) උදෑසන 06 සිට පස්වරු 04 දක්වා තාවකාලිකව ඉවත් කිරීම සිදු වෙනවා. මේවනවිට දිවයින පුරා එළවලු තොග බෙදාහැරෙන දඹුල්ල, කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. බණ්ඩාරවෙල එළවලු තොග වෙළඳපොළද ඊයේ දිනයේ වසා දැමුණා. ඒ සම්බන්ධව ගොවීන් හා තොග වෙළඳුන් විරෝධය දක්වා ඇති බවත් වාර්තා වෙනවා.