මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම ශ්‍රීලනීපයේ ස්ථාවරය බව දයාසිරි කියයි.

මනාප ඡන්ද ක්‍රමය තුළ දූෂිත ක්‍රියාවලට පසුබිම සැකසී අර්බුද රැසක් නිර්මාණය වී තිබෙන බැවින් කොට්ඨාසයට වග කියන මන්ත්‍රීවරවෙකු බිහිකර ගැනීම සඳහා වන මැතිවරණ ක්‍රියාවලිවකට යොමුවිය යුතු බව ශ්‍රීලනිප මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

මෙය පළාත් සභාවට මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයටද පොදුවිය යුතු යැයි ඒ මහතා කීය. ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව අද (03) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීවේය.කොට්ඨාසයකට ප්‍රධාන පක්ෂයෙන් අපේක්ෂකයින් තුන් දෙනෙක් ඉදිරිපත් කළාම ප්‍රධාන පක්ෂයට වාසියක් අත්ව කුඩා පක්ෂ වලටඅවාසි වෙනවා කියන එක අපි සියලු දෙනා දන්නවා.මේ රටේ කුඩා පක්ෂ සියල්ලම පාහේ මේ ක්‍රමයට විරුද්ධයි.ඒ විරෝධතාව අපෙත් තියෙනවා.පසුගිය මැතිවරණ ක්‍රමයට යායුතු නැහැ.කොට්ඨාසයට වග කියන මන්ත්‍රීවරයෙක් හදන්න ඕන.මේක පළාත් සභා මැතිවරණයටත් පාර්ලිමේන්තු මැතිවරණයටත් එකසේ සාධාරණීකරණය විය යුතුයි.දිස්ත්‍රික් මානාප ක්‍රමය තුළ මුළු රටක් විශාල අර්බුදයකට ලක්වෙනවා කියන එක අපි හැමෝම පිළිගන්න කාරනයක්.ආසනයකට වගකියන්න පුද්ගලයෙකු නැති තත්ත්වයක් අද ඇතිවෙලා.මේ ඇතිවෙලා තියෙන දූෂිත තත්ත්වයට ප්‍රධාන හේතුව මේ මනාප ක්‍රමය කියන එකයි අපේ විශ්වාසය.කොට්ඨාසයට සීමාවන මන්ත්‍රී ධූරයක් පිළිබඳව 1947 සෝල්බරි ව්‍යවස්ථාවෙත් අන්තර්ගතයි.

කොවිඩ් ව්‍යාප්ති තත්ත්වය තරමක් නරක අතට හැරී තිබෙනවා.පසුගිය අවුරුදු සමයේ විශාල ලෙස ජනයා සංචරණය කරන්න පටන් ගත්තා.ඒ නිසා තමයි මේක මේ තරමට ව්‍යාප්ත වුණේ.මේක මේ රටේ ආණ්ඩුපක්ෂයේ හෝ විපක්ෂයේ ප්‍රශ්නයක් නොවෙයි.රටේම ප්‍රශ්නයක්.අපේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්.අපේ අතින්ම තමයි මේ සීමාවෙන් ගිලිහෙන්නේ.සංචරණ සීමා කරලා හැකි තරම් නිවෙස් තුළට වී ගත කරන්න කියලා මම ජනතාව ගෙන් ඉල්ලනවා.හැම දිස්ත්‍රික්කයකම වගේ යම් යම් ප්‍රදේශ අද හුදකලා කර තිබෙනවා.රට වැසියන් ලෙස අපි මේ අර්බුදයට මුහුණ දී ජය ගැනීමට නම් සියලු දෙනා එකට ඉන්න ඕන.ලොක් ඩවුන් කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.පසුගිය කාලයේ අපි රටම වසා දැමූ අවස්ථාවේ ආර්ථිකය බරපතල කඩා වැටීමකට ලක්වුණා.අත්‍යවශ්‍යය භාණ්ඩයක් ගන්න ඕන කෙනෙකුට ඇවිත් ඒක ගන්න පසුබිමක් තියෙන්න ඕන.

ලෝකයේ සෑම රටකටම වගේ යම් ප්‍රමාණයක් තමයි එන්නත් ලැබිලා තියෙන්නේ.එකම රටක්වත්  සියලු ජනතාව ආවරණය වන ලෙස එන්නත් කරණ වැඩසටහන ක්‍රියාත්මක කරලා නැහැ.චීනයෙන් අපට ලැබුණු ලක්ෂ හයක පමණ එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙන තුරු ගබඩා කර තිබෙනවා.අපි දැනටමත් ලක්ෂ 09 කට 10 කට පමණ එන්නත් ලබාදී තිබෙනවා.තවත් එන්නත් ලබා ගැනීමට අපි ඉල්ලුම් කරලා තියෙනවා.බිලියන 7.5 ක් වන ලෝක ජනගහණයටම එන්නත් නිෂ්පාදනය කරන්න කෙටි කාලයකින් බැහැ.ඒක අපි තේරුම් ගන්න ඕන.දේශපාලන පක්ෂ මතවාද,පෞද්ගලික ප්‍රශ්න ඉස්සරට දාගෙන වාද නොකර සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කරන්න ඕන කියන එක තමයි බුද්ධිමත් ජනතාව බලාපොරොත්තු වන්නේ.ඒක මේ රටේ හැම පක්ෂයකම නායකයින් තේරුම් ගන්න ඕන.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *