මන්ත්‍රී සුරා පෙරා හසුවෙයි.

ඇඳිරි නීති පනවා තිබියදී නිවසේ හැලි අරක්කු පෙරමින් සිටි පාතදුම්ර ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරයෙකු සහ තවත් අයෙකු කටුගස්තොට පොලීසිය මගින් පෙරේදා (04) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. කටුගස්තොට පොලිස් වසමේ කැකුණවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ බෑණා බව පොලීසිය පවසයි.
සැකකරුවන් සතුව තිබී ගෝඩා ලීටර් 25 ක් සමඟ හැලි අරක්කු පෙරීමට උපයෝගි කරගත් ගෑස් ලිපක්,සිලින්ඩරයක් හා මුට්ටි තුනක්ද පොලීසිය භාරයට ගෙන තිබේ.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස්.උවින්දසිරි මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න,පොලිස් පරීක්ෂක රණවීර,උප පොලිස් පරීක්ෂක බණ්ඩාර යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.