මධ්‍යම පළාත 1300ට ආසන්නයි
මධ්‍යම පළාතේ කොවිඩ් -19 ආසාදිත සංඛ්‍යාව 1289 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි. මහනුවරින් 41 ක් මාතලෙන් 11 ක් හා නුවරඑළියෙන් 03 ක් ලෙස අද (21) පෙරවරු 6.00 න් අවසන්වූ පැය 24 තුළ නව ආසාදිතයින් 22 දෙනෙකු පළාතින් වාර්තා වී තිබේ.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 844 කි.නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 347 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 98 දෙනෙකු ද වාර්තා වී ඇත. මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් වාර්තාවී තිබෙන අතර එම සංඛ්‍යාව 260කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් 151 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ආසාදිතයින් 17 දෙනෙකුද හඳුනාගෙන ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණ හතරක් මේවන විට වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පවසයි.