මධ්‍යම පළාතේ සියලු බාර් සීල්
මධ්‍යම පළාතේ බලපත්‍ර ලත් සියලුම සුරාසැල් වලට මුද්‍රා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවේ ඇතැම් බලපත්‍ර ලත් සුරාසැල් හිමිකරුවන් මත්පැන් වැඩි මිලට අළෙවි කිරීම පිණිස වෙනත් පුද්ගලයින්ට ලබාදෙන බවට ලත් තොරතුරු මත සුරාබදු දෙපාර්තුමේන්තුව අදාළ තීරණය ගෙන ඇත.
සංචාරක හෝටල්ද ඇතුළුව මධ්‍යම පළාතේ මත්පැන් අළෙවි සැල් 500 කට වැඩි සංඛ්‍යාවක් තිබෙන බවත් මේවාහි ඇති මත්පැන් බෝතල් පිටතට ගැනීමට නොහැකි වන සේ මුද්‍රා තැබීම සිදුකළ බවත් මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න මහතා පවසයි.
මත්පැන් අළෙවි සැල් වසා දැමීමත් සමඟ හොර මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙන බවත් එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට වැටලීම් අඛන්ඩව සිදුකරන බවත් ඒ මහතා කීය.
මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්ක වල සිදුකළ වැටලීම් මගින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ යෙදුණු පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.