මධ්‍යම පළාතේ අලි කලබල, එ.ජා.ප ය දෙකඩ වෙයි

 මධ්‍යම පළාතේ අලි කලබල, එ.ජා.ප ය දෙකඩ වෙයි

මධ්‍යම පළාත තුළ එක්සත් ජාතික පක්ෂයේ බරපතල දෙකඩ වීමක් නිර්මාණය වී තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමගි ජන බලවේගය හා එක්ව ඔවුන් ඉදිරිපත් කරන ඕනෑම ලකුණක් යටතේ කටයුතු කරන්නට කැමැත්ත ප්‍රකාශ කරද්දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ බහුතරය අලියා ලකුණ යටතේ පමණක් තරඟ කළ යුතු බවට තීරණය කර තිබේ.
එජාප මහනුවර දිස්ත්‍රික් බල මණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රී, එජාප ජ්‍යෙෂ්ඨ උප සභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙද්දී නුවරඑළිය එජාප බල මණ්ඩලය එජාප ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇත.
එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් බල මණ්ඩලය ඊයේ (08) නුවරඑළිය පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
මහනුවර දිස්ත්‍රික්කයේ එජාප පළාත් පාලන ආයතන නියෝජිතයින් 225 දෙනා අතරින් 218 දෙනෙකුම සජිත් ප්‍රේමදාසට මහතාට සහය දැක්වූ බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයේදී තරඟ කළ යුතු සලකුණ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය රැස්විමේදි කළ විමසීමේදී අලියා ලකුණින් තරඟ කිරිමට දිස්ත්‍රික් බල මණ්ඩලය ඒකමතිකව තිරණය කල බව නවීන් දිසානායක මන්ත්‍රීවරයා කීය

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *