මධ්‍යම පරිසර හානිය ගැන කියන්න දුරකතන අංකයක්

කාලාන්තරයක් තිස්සේ සිදුවූ වන විනාශය හේතුවෙන් මෙරට වන ගහනය 60% සිට 28% ක් දක්වා අඩුවී තිබෙන බවත් අද ඇතමුන්  මෙම 32% ක වන ගහනය අඩුවීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වසර 1 1/2 ක පාලනය තුළ සිදුවූ ලෙස මවා පෙන්නවන්ට උත්සහ කරන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලොව බොහෝ රටවල් සංවර්ධන වැඩසටහන් අතහැර දමා තිබියදී ජනපති හා අගමැති මූලිකත්වයෙන් අපේ රටේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන බවත් කෙසේ හෝ බලයට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන පිරිස මේ නිසා කලබලයට පත්ව සැළසුම් සහගතව බොරු ප්‍රචාර ගෙනයන බවත් ඒ මහතා කීය.මධ්‍යම පළාතේ පරිසර හානි සම්බන්ධයෙන් දැනුම්දීමට පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ස්ථාපිත කළ විශේෂ ඒකකය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ආණ්ඩුකාරවරයා පෙරේදා (01) මේ බව ප්‍රකාශ කළේය.ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම පිණිස ඇතැම් පිරිස් යම් යම් ස්ථාන වල වන විනාශයන් සිදුකරන බවත් මේවා සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවත් ඒ මහතා කීය.පෙර පැවැති ආණ්ඩුවල ප්‍රබල ඇමැති ධූර හෙබවූ පුද්ගලයින් හන්තාන රක්ෂිතයේ ඉඩම් අත්පත් කරගනිමින් සිදුකර තිබෙන වන විනාශය පිළිබඳව මේ රටේ ජනතාව හොඳින් දන්නා බවත් ගැට කපන්නන් පර්ස් එකක් සොරාගෙන ජනතාව සමඟම අන්න හොරා අන්න හොරා කියමින් දිවයන්නා සේ විපක්ෂයේ ඇතමුන් වන විනාශය ගැන මහ ඉහළින් කතා කරන බවත් ඒ මහතා පැවසුවේය. මධ්‍යම පළතේ කුමන හෝ ස්ථානයක පරිසර හානියක් සිදුවන්නේ අංක 070 4702500  හෝ 081 4953248 දරන දුරකථන වලට ඇමතුම් මගින් හෝ  Whatsapp හා Viber ඔස්සේ  තොරතුරු ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයා ජනතාව ගෙන් ඉල්ලීමක් කරයි.මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published.