මධ්‍යම ආණ්ඩුකාරවරයා රිය අනතුරක

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්.යු ගමගේ මහතා ගමන් ගත් ජිප් රථය සහ ත්‍රිරෝද රථයක් නුවරඑළිය හාවා එළිය ප්‍රධාන මාර්ගයේ බොරලන්ද ප්‍රදේශයේදී මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරා තුවාල ලැබ නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර පසුගිය 10 දින පස්වරු 5.30 ට පමණ සිදුව තිබෙන බව පොලීසිය පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වල අඩුපාඩු සොයා බැලීමේ අරමුණින් එම ප්‍රදේශයේ සංචාරයක නියැලිී සිටින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා නුවරඑළිය හාවාඑළිය බොරලන්ද ප්‍රදේශයේ පිහිටි ආණ්ඩුකාර නිල නිවසේ සිට නුවරඑළිය දක්වා ආරක්ෂක නිලධාරින් සමග එමින් සිටියදී ඔහු ගමන් ගත් ජීප් රථය මෙසේ අනතුරට ලක්ව ඇත.
අධික ලෙස බීමත්ව සිටි ත්‍රිරෝද රථ රියදුරාට ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ගමන් ගත් ජිප් රථයේ එය ගැටී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.අනතුරෙන් ජිප් රථයේ ගමන් ගත් ආණ්ඩුකාරවරයාට හෝ එහි ගමන් කිසිවෙකුට තුවාල සිදුව නොමැත.ආණ්ඩුකාරවරයාගේ ජිප් රථයේ රියදුරු නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබේ.
අනතුරින් ජිප් රථයට සහ ත්‍රිරෝද රථයටද දැඩි අලාභ හානි සිදුව ඇත.බීමත්ව රිය පැදවු ත්‍රිරෝද රථ රියදුරාට එරෙහිවද නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලීසිය පවසයි.