මත් වෙන්න සිරිපා ගිය අය අල්ලයි

 මත් වෙන්න සිරිපා ගිය අය අල්ලයි

පසුගිය සති අන්ත දිර්ඝ නිවාඩුව සමයේ  හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍යය රැගෙන සිරිපා වන්දනාවේ පැමිණි තරුණයන් 40 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පැවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත්වරුන් වශයෙන් කටයුතු කල සංජිව ෆොන්සේකා මහතා සහ දමයන්ති ප්‍රනාන්දු මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන් රුපියල්  ලක්ෂය බැගින්වූ ශරිර ඇප මත මුදා හරිමින් ඔවුන්ට යළිත් මෙම මස 21 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නියෝග කර තිබේ.

සති අන්ත දිර්ඝ නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍යය රැගෙන එන වන්දනාකරුවන් පරික්ෂා කිරිම සදහා හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් හැටන් ෂැනන් සහ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ (09) දින සිට (11) දින දක්වා වන්දනාකරුවන් පැමිණි රථ වාහන දැඩි සෝදිසි කිරීමකට ලක්කර ඇත.

කේරළ ගංජා,මදන මෝදක ගුලි,නිති විරෝධි දුම්වැටි සහ මත්ද්‍රව්‍යය රැගෙන පැමිණ මෙම තරුණයින් වයස අවුරුදු 20-30 අතර වයසේ පසුවන බවත් ඔවුන් මීගමුව, කුරුණැගල,දඹුල්ල,කොළඹ,ගාල්ල,මාතර,යාපනය,මඩකළපුව යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් බවත් පොලීසිය පවසයි.

සේයාරුව හා සිදුවීම අතර සම්බන්ධයක් නෙමැත

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *