මත්තලට විශේෂ ගුවන් යානයක්.

නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නුවර සිට පැමිණි විශේෂ ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබස්සවා ඇත. එහි පැමිණ ඇත්තේ, ගාල්ල වරායේ නවත්වා තිබෙන නෞකාවක සේවය කරන නෙදර්ලන්ත ජාතික කාර්ය මණ්ඩලයයි. මත්තල ගුවන් තොටුපොළ කළමනාකාර උපුල් කලංසූරිය මහතා පවසන්නේ, නෞකාවේ කාර්ය මණ්ඩලය 230දෙනෙකු මෙම ගුවන් යානයෙන් පැමිණි බවයි.
ගුවන් යානයේ පැමිණි සියලුම දෙනා ගාලු වරාය වෙත පිටත්කර හැරීමට පෙර මත්තල ගුවන් තොටුපළෙහිදීම විෂබීජ මර්ධන කාර්යයන්ට භාජනය කර තිබේ. ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ රසායනික, න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතිචාර බළගණයේ නිළධාරීන්ගේ අධික්ෂණය යටතේ එය සිදුවිය.
අද රාත්‍රියේ නැවත නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් බලා පිටත්ව යන යානයෙන් නෞකා කාර්ය මණ්ඩලයේ 53 දෙනෙකු යළි පිටත්ව යාමට නියමිතයි.