මඩකලපුවේ මාධ්‍යවේදීන්ට මරණ තර්ජන

 මඩකලපුවේ මාධ්‍යවේදීන්ට මරණ  තර්ජන

මඩකලපුව මාධ්‍ය සමාජයේ කාර්යාලය තුළට තර්ජනාත්මක  පත්‍රිකා කිහිපයක් දමා ඇතැයි වාර්තා වේ. ඊයේ (22) දහවල් කාර්යාලය විවෘත කරනවිට දොරට යටින් ඇතුළු කර තිබූ දෙමළ බසින් ලියන ලද තර්ජන ඇතුළත් පත්‍රිකා දුටු බව මුලින්ම කාර්යාලයට ගිය මාධ්‍යවේදියා පැවසීය.


මඩකලපුව මාධ්‍ය සමාජය පවසන පරිදි එම පත්‍රිකාවල සඳහන් වන්⁣නේ “විදේශගත කොටින්ගෙන් මුදල් ලබා ගෙන රජයට එරෙහිව ක්‍රියාත්මක වන්නේ කවුදැයි දන්නා බවත්, ඉක්මනින් ඔවුන්ට විරුද්ධව පියවර ගන්නා බවත්” යැයි ejournalist මඩකලපුව වාර්තාකරුවා පැවසීය. ඔහුට අනුව වලසිංහම් ක්‍රිෂ්ණකුමාර්, සෙල්වකුමාර් නිලන්තන්, පුන්නියමූර්ති සසිකරන්, කුකරසු සුබෝජන්, නල්ලතම්බි නිත්‍යානන්දන්, වඩිවේල් ශක්තිවේල්, සුබ්‍රමනියම් ගුණලිංගම් යන මාධ්‍යවේදීන්ගේ නම් සඳහන් කරමින් මෙම පත්‍රිකාවලින් තර්ජන එල්ල කොට තිබේ.

මඩකලපුව ජනමාධ්‍ය සමාජයේ කාර්යාලය නගරයේ බස් නැවතුම්පල ඉහළ මාලයේ පිහිටා තිබෙන අතර පත්‍රිකා ගෙනැවිත් දැමූ පිරිස පිළිබඳ හෝඩුවාවක් නැත.

කෙසේවෙතත්, අප හා අදහස් දැක්වූ ස්වාධීන විමර්ශකයෙකු පැවසුවේ, මෙය කවුරුන් හෝ මාධ්‍යවේදීන් බිය වැද්දීමට කළ විහිළුවක් නැතිනම් වෙනත් යටි අරමුණක් ඇතිව කළ දෙයක් වන්නටද ඉඩ ඇති බවයි. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේ විසඳා ගන්නට වෙනත් ප්‍රශ්න රාශියක් තිබියදී රජයට සම්බන්ධ පාර්ශවයකට මෙවැන්නක් කිරීමට වුවමනාවක් නොතිබීම බව සහ උපායමාර්ගික අවාසිය සළකන කළ කිසිසේත්ම එවැන්නකට යොමු නොවෙන නිසා බවත් ය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *