භූකම්පනය හා බූවැලිකඩ අනතුර සම්බන්ධයිද?

පසුගිය දිනවල කුණ්ඩසාලේ ආශ්‍රිතව සිදුවූ භූ කම්පනයේ සම්බන්ධයක් බූවැලිකඩ පස්මහල් නිවස කඩා වැටීම සමඟ තිබෙන්නේද යන්න සොයා බැලිය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ මහචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
භූ චලනයක් සමඟ පොළව අභ්‍යන්තරයේ ඇතිවන වෙනස් වීම් සමඟ අධික වර්ෂාවත් සමඟ පොළව අභ්‍යන්තරයෙන් ගලා යන ජල පහරවල් සක්‍රීය වීම නිසා මේ ආකාරයට ගොඩනැගිලි කඩා වැටීමේ අවධානමක් ඇතිවිය හැකි යැයි ඒ මහතා කීය.
මෙම පස්මහල් ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියක් ඇතිව භූමියේ පිහිටීම සැලකිල්ලට ගෙන ඉදිකර තිබෙන්නේද යන්න සම්බන්ධව ප්‍රශ්න තිබෙන බවද සේනාරත්න මහතා පැවසුවේය.
මහනුවර නගරය ගතහොත් බූවැලිකඩ, හන්තාන, ප්‍රිම් රෝස්, අනිවත්ත ආදි ප්‍රදේශවල බෑවුම් ස්ථානයන්හි ඉදි කිරීම් රැසක් දක්නට ලැබෙන බවත් මේවා බැලූ බැල්මටම අධික අවධානම් මට්ටමක තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *