භාර දුන් මළ සිරුර ආපසු ගෙනැල්ලා – කොවිඩ් යැයි තහවුරු වුණාලු

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයෙකුගේ පී.සී.ආර් වාර්තාව ලැබීමට පෙර මළ සිරුරු ඥාතීන්ට බාරදී තිබියදී අදාළ වාර්තාව අනුව ඔහුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීම නිසා මළ සිරුර නිවසේ සිට යළි රෝහලට රැගෙන ඒමේ පුවතක් වාර්තාවෙයි.

මහනුවර සිරිමල්වත්තේ පදිංචි 69 හැවිරිදි අදාළ පුද්ගලයා පසුගිය 13 දින මරණයට පත්ව තිබේ.මරණයට හේතුව හෘදයාබාධයක් බවට වෛද්‍ය වාර්තාව මගින් දක්වා තිබීම නිසා මළ සිරුර රෝහල් බලධාරීන් විසින් ඥාතීන්ට බාරදී ඇත්තේ එම පුද්ගලයාගේ  පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව ලැබීමට පෙරය.

අදාළ වාර්තාව ඊයේ (14) නිකුත්ව තිබෙන අතර එයට අනුව අදාළ පුද්ගලයාට කොවිඩ් ආසාදිත බව තහවුරුව ඇත.

කොවිඩ් ආසාදිත බවට තහවුරු කර ගැනීම සඳහා යන පී.සී.ආර් වාර්තාව නිකුත් වන තුරු මළ සිරුරු ඥාතීන්ට බාර නොදෙන ලෙස දැනුම් දී තිබියදී මෙලෙස මළ සිරුර බාරදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

 

මෙම පුද්ගලයා ඉකුත් 13  දින දහවල් හදිසි හෘදයාබාධයක් මත මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර  තිබේ.හදිසි ප්‍රතිකාර ඒකකයේදි රෝගියා පරික්ෂාකර  හෘදරෝග ඒකකයේ හදිසි ප්‍රතිකාර ඒකකයට රෝගියා ඇතුළත්කර ප්‍රතිකාර ද ලබාදී ඇත.

එදින රාත්‍රියේ ඔහු හෘදයාබාධ තත්ත්වය උත්සන්න වීමෙන් මිය ගොස් තිබේ.මියගිය අයගේ පී.සී.ආර් වාර්තාව ලැබීමට පෙර ඊයේන (14) දහවල් මළ සිරුර ඥාතින්ට භාර දී ඇත.

 

මෙයට පෙරද අවස්ථා දෙකකදි මහනුවර රෝහලෙන් කොවිඩ් ආසාදිත මළ සිරුරු දෙකක් අදාළ වාර්තා නිකුත් වීමට පෙර ඥාතින් වෙත භාර දුන් බව වාර්තා වි තිබිණි.ඒ අකුරණ සහ මුරුතලාව යන ප්‍රදේශ වලටය.

කොවිඩ් ආසාදිත මළ සිරුර මහයියාවේදී ආදාහනය කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *