බෝපත්තලාව කඳු වැටියේ ගින්නක්

 බෝපත්තලාව කඳු වැටියේ ගින්නක්

     

බෝපත්තලාව කඳු වැටියේ ගින්නක් පැතිරුණු  බව බගවන්තලාව පොලිසිය පවසයි.
බෝපත්තලාව රජයේ ගොවිපලට බටහිර බැවුමේ පිහිටි බෝපත්තලාව කඳුවැටියේ බගවන්තලාව ලින්ස්ටඩ් වතු යායට ඉහළිනුයි ඊයේ (21) දහවල් 12 ට පමණ ගින්න හටගෙන ඇත්තේ.
බගවන්තලාව ප්‍රදේශයේ සිට බෝපත්තලාව රජයේ ගොවිපොල වෙත පිවිසීමට ඇති අඩි පාරක්ද මෙම කඳුවැටිය හරහා වැටී ඇත.
එම මාර්ගය ඔස්සේ බෝපත්තලාව රජයේ ගොවිපල දෙසට පිවිසි  අයෙකු විසින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවට බගවන්තලාව පොලිසිය සැක කරයි.
බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ බෝපත්තලාව කඳුවැටියේ හටගෙන ඇති ගින්න පාලනය කිරිමට බගවන්තලාව පොලිසියේ නිලධාරින්  සමත් වු බවයි.
මේ අතර වටවල ෆයිනස් වගා රක්ෂිතයට ගිනි තැබු සැකකරුවෙක් වටවල පොලිසිය මගින් (20) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය පවසයි.
සැකකරු විසින් වන වගා රක්ෂිතයට තැබු ගින්න හේතුවෙන් එම රක්ෂිතයේ විශාල වන වගා කොටසක් ගිනිගෙන විනාශ වි ඇති අතර එම වන වගා රක්ෂිතය හරහා වටවල පොලිසිය වෙත පානිය ජලය ලබා ගත් ජල නලද ගින්නෙන් විනාශ වි ඇති බව වටවල පොලිසිය පවසයි.
සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද වටවල පොලිසිය පවසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *